Local

‘කෑලි කෑලි කපනවා’ ජනාධිපති කැමරාකරුවෙකුට රනිල්ගේ මාධ්‍ය ලොක්කාගෙන් තර්ජන.. අතුරුදන් ඩ්‍රෝන කැමරාවට පොටක් පෑදේ..

Wednesday, 13 November 2024 - 6:39 pm

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එවකට මාධ්‍ය ප‍්‍රධානියෙකු විසින් තමන්ට මරණ තර්ජන කළ බවට ජනාධිපති මාධ්‍ය අංශයේ ඡායාරූප ශිල්පියකු පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

කහතුඩුවට පොලිසියට කර ඇති මෙම පැමිණිල්ල මගින් ඔහු සඳහන් කර ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයේ තිබූ ඩ්‍රෝන කැමරාවක් ඇතුළු උපකරණ කිහිපයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශන අතරතුර මෙම තර්ජනය එල්ල කරන ලද බවයි.

සිදුවන විමර්ශන සම්බන්ධයෙන් තොරතුරු දෙන්නේ තමන් බවට මෙම පුද්ගලයා තමන්ට මරණ තර්ජනය කළ බවත් තමන් කෑලි කෑලි වලට කපා දමන බවත් පවසමින් තර්ජනය කළ බවද එකී පැමිණිල්ලේ දැක්වෙයි.

කහතුඩුව පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT