නව ව්‍යවසායකින් දස ලක්ෂයක් බිහි කිරීම තම අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
දැනුම කේන්ද්‍රීය ව්‍යවසායකත්වයක් පාසල් පද්ධතිය තුළ බිහි කිරීමට කටයුතු කරන බවයි ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.
ව්‍යාපාරයක් පටන් ගැනීමට අවශ්‍ය මූලික ප්‍රග්ධනය ලබාදීමට අපේක්ෂා කරන බවත් එය සිදුවිය යුත්තේ පාර්ලිමේන්තුව තුළින්ම බවත් සඳහන් කළ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ස්මාර්ට් උපාධියක් ලබාගත් පසු රැකියා පෝලිම්වල නොසිට දෙපයින් නැගී සිටිමට අවස්ථාව උදාකරන බවයි.