Local

සජිත්ගේ ONE STOP SHOP සංකල්පය

Monday, 19 August 2024 - 7:56 pm

සිය පාලනයක් තුළ ජනාධිපති ලේකම් කාර්යාලය ආයෝජකයින්ට කඩිනම් අනුමැතිය ලබාදීම සඳහා වන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ''සැමට ජයක් - සමගි රටක්' තේමාවෙන් අද (19) පෙරවරුවේ නාවලපිටිය නගරයේ පැවති ජනරැලියකදී ඔහු මේ බව පවසා සිටියේය.

'දැනටමත් මම ආයෝජකයන්ට කියලා තියෙන්නේ ගම් නියම්ගම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සිසාරා කර්මාන්ත ශාලා බිහිකරන ගමන 22වැනිදා ඉදළම ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙන්න කියලා.

ජනාධිපති ලේකම් කාර්යාලය 'ONE STOP SHOP' එකක් බවට පත් කරලා ආයෝජනය කරන්නට එන ආයෝජකයින්ට ඉක්මන් අනුමැතියන් ලබාදෙන මධ්‍යස්ථානයක් කරනවා.  ඒ සංකල්පය එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ යුගයේ ක්‍රියාත්මක වුණා.

ඒ වැඩපිළිවෙළ නැවත වරක් ක්‍රියාත්මක කරලා නුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ විස්සෙම නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කරනවා. 

රටේ පොහොර ඛේදවාචකයේ නිර්මාතෘවරයා ඉන්නේ මේ නුවර දිස්ත්‍රික්කයේ. 

කාබනික පොහොර වංචාව, නැනෝ පොහොර වංචාව, හොරා කාපු පොහොර සල්ලිටික නැවත වරක් හොරුන්ගෙන් අරගෙන මේ රටේ ජනතාවට අපි ලබා දෙනවා. ඒ හොරකම කරපු සියලුම දෙනා නීතිය හමුවට ගෙන එනවා.  

අව්වට වේලි වේලි මගේ කථාව අසා සිටින ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි නැවතත් වරක් ගෙවල් හදන 'ගම් උදා යුගය' අපි මේ රටේ බිහි කරනවා'. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT