Local

පියැසි මත සූර්ය පැනලවලින් ගිය වසරේ විදුලි ඒකක මිලියන 630ක්

Wednesday, 31 January 2024 - 6:37 pm

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 වසර තුල දී පමණක් විදුලි ඒකක මිලියන 630 ක් (630 million units) ජාතික පද්ධතියට එක් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටියි.

ෙඒ අනුව, රට පුරා විසිරී සිටින ලංකා විදුලිබල මණ්ඩලයේ පාරිභෝගික භවතුන් විසින් මෙම සුවිශේෂී ජාතික කාර්ය සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා දී ඇත.

මෙහිදී සාම්ප්‍රදායික විදුලිය පාවිච්චි කිරීමේ ක්‍රමයෙන් බැහැර ව නව තාක්ෂණික අත්දැකීමක් ලබාගනිමින් ජාතික පද්ධතියට විදුලිය විකිණීමට පාරිභෝගිකයින් යොමුවී තිබීම අගය කල යුතුය. (change from Consumer to Pro-sumer / පරිභෝජනයෙන් විදුලි ජනනයට යොමුවීම).

මෙහි දී විවිධ ඉංජිනේරුමය සහ තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් ලබාදෙමින් හැකි උපරිම ආකාරයෙන් සූර්ය පැනල පද්ධති ජාතික පද්ධතියට එකතු කිරීමට කටයුතු කරන, වි‌ශේෂයෙන් බෙදාහැරීම් අංශවල ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩල‌යේ මෙහෙවර ද එම මණ්ඩලය සිහිපත් කර සිටියි.

මෙම පාරිභෝගික භවතුන් ලංවිම සමග එක්ව සිදුකරන මෙම පරිසර හිතකාමී ව්‍යාපෘති මගින් රටේ පුනර්ජනනීය බලශක්ති භාවිතය ද ප්‍රවර්ධනයවේ.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT