Local

විනය කැඩූ මන්ත්‍රීවරු 9 කට එරෙහි විනය චෝදනා විභාගයට

Monday, 27 November 2023 - 12:34 pm

පාර්ලිමේන්තුව තුළ විනය විරෝධීව හැසිරුණු බවට චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරුන් නව දෙනෙකුට එරෙහිව ‍ඇති චෝදනා විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා.

අද (27) සිට දින 03 ක්  පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව රැස්වීමට නියමිත අතර, එහිදී අදාළ මන්ත්‍රීවරුන්ට එරෙහිව එල්ල වී ඇති පැමිණිලි හයක් සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ලබාදී විභාගයට ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා, රෝහණ බණ්ඩාර අතර ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය ද, මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් පාර්ලිමේන්තු සහකාර මහලේකම් හංස අබේරත්නට තර්ජනය කිරීමේ සිද්ධිය ද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සනත් නිශාන්ත අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් සහ නීතිවිරෝධීව රත්රන් ගෙන ඒමේ ජාවාරමට වරදකරුවූ මන්ත්‍රී අලි සබ්රි රහීම්ට එරෙහි පැමිණිල්ල ද මේ චෝදනා අතරට ඇතුළත් බව වැඩිදුරටත් වාර්තා වනවා. 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT