Local

ලෝක පරිසර දිනයට සමගාමීව කොළඹ ඇළ මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනක් ඇරඹේ

Saturday, 31 May 2025 - 7:59 pm

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඇළ මාර්ග තිරසාර ලෙස පවත්වා ගැනීම ඉලක්ක කරගත් ඇළ මාර්ග හා ඒ ආශ්‍රිත පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහනේ සමාරම්භය ඊයේ (30) නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ලෝක පරිසර දිනයට සමගාමීව 'Clean Sri Lanka' වැඩසටහන හා එක්ව මෙම කටයුතු සිදුවූ බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශය පවතින සෙත්සිරිපාය පරිශ්‍රය අභියස ඇති පොල්දූව ඇළ මාර්ගයෙන් එම පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ වූ අතර, එම අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.

'Clean Sri Lanka' වැඩසටහන යටතේ ජලයේ ගුණාත්මක භාවය ආරක්‍ෂා කිරීම සහ ගං වතුර පාලනය වෙනුවෙන් සර්පන්ටයින් ඇළ, සෙබස්තියන් ඇළ, මාවතගම ඇළ, දෙමටගොඩ ඇළ ඇතුලු කොළඹ අග නගරයේ ප්‍රධාන ඇළ මාර්ග පිරිසිදු කිරීම හා නඩත්තු කිරීම සිදු කෙරෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT