Local

දරුවන් දෙදෙනා සමඟ මැරෙන්න බැරි හින්දා නිල්ගල රක්ෂිතයට ආවා

Saturday, 27 January 2024 - 9:26 am

පැලක් අටවාගෙන ජීවත්වෙන යුවළක්:

ඇඳුමක් නෑ: කුසට අහරක් නෑ:


බිබිල නිල්ගල රක්ෂිත වනයේ පැල්පතක ජීවත්වෙමින් කුලී වැඩ ජීවනෝපාය කරගෙන දිනකට එක වේලක් ආහාර ගනිමින් පාසල් යන දරුවන් දෙදෙනකු සමඟ ජීවත්වන අසරණ යුවළක් බුළුපිටිය, තැපැල්ගල වන ප්‍රදේශයේදී හමුවිය.

එම්.බී. ඇල්බට් සොයිසා (46) සහ ඇගේ බිරිය වන එච්.ඒ. මල්ලිකා (36) යුවළට දාව උපන් අවුරුදු 12 සහ 9 වයසැති පිරිමි දරුවන් දෙදෙනා සමඟ වනය මැද ඉදි කරගත් පැල්පතේ හරි හැටි කුසට අහරක් නැතිව අන්ත අසරණව ජීවත් වෙති.

කොළඹ ප්‍රදේශ‍යේ ළමා නිවාසයක හැදුණු වැඩුණු තරුණියක සමඟ විවාහ වී බිබිලට පැමිණි ඇල්බට් තැන් තැන්වල කුලියට සිටියත් කර කියා ගත නොහැකි තැනට පත්වූ පසු නිල්ගල රක්ෂිතයට පැමිණ පැල්පතක් ඉදි කර ගනිමින් එහි ස්ථිර පදිංචියට පැමිණ තිබේ.

වන අලි ගැවසෙන වනයේ සිට තම දරුවන් දෙදෙනා බුළුපිටිය පාසලට ඉඳහිට යන බවත් බීමට ජලය සොයාගෙන මීටර් 500ක් පමණ වනයේ කඳු ප්‍රදේශයකට යන බවත් ඇල්බට් කියයි. පැල්පතේ පැදුරු කීපයක් හැරුණු විට කිසිම උපකරණයක් නැත. වැසිකිළි යෑමටත් ඇත්තේ වන සතුන් ගැවසෙන වන භූමියයි.

එම්.බී. ඇල්බට් සොයිසා මෙසේ පැවසීය.

මම කෙළඹ කුලී වැඩ කර‍ගෙන හිටියා. පසුව ළමා නිවාසයක හිටිය මල්ලිකා සමඟ විවාහ වී තැන් තැන්වල කුලී කරමින් ජීවත් වුණා. පසුව බිබිලටත් ඇවිත් කුලියට ජීවත් වුණා. මටත් බිරියටත් පවුලේ කිසිම කෙනෙක් නෑ. අපි අන්ත අසරණ වුණා. දරුවන් දෙදෙනා සමඟ මැරෙන්න බැරි නිසා නිල්ගල වනයට ඇවිත් වන සංරක්ෂණ භූමියක පැල්පතක් හදාගෙන ජීවත් වුණා. දරුවන් දෙන්නා පිටකුඹුර පාසලට යනවා. දරුවන්ට පාසල් උපකරණ සහ ඇඳුම් මොකුත්ම නෑ. අපට අරන් දෙන්න ක්‍රමයක් නෑ. මම කුලියට පොල් කඩන්න යනවා. අහුවෙන හැම කුලී වැඩේම කරනවා. දවසට රුපියල් 1000 – 1500ක් හොයා ගන්නවා. දවසට එක වේලයි කන්නේ. කුලී වැඩක් නැති වුණොත් එදාට බඩ ගින්නේ. ගෙදර කාටවත් ඇඳුමක් ගත්ත කාලයක් මතක නෑ. කාගෙන් හරි පරණ ඇඳුම් කෑල්ලක් ඉල්ලා‍ගෙන අඳිනවා. අපි හරි අසරණයි. මැරෙන්න බැරි නිසා ජීවත්වෙනවා.

බිබිලේ ප්‍රාදේශීය ලේකම්තුමා අපව බලන්න ආවා. එතුමා විතරයි බලන්න ආවේ. එතුමාට පින් සිදුවෙනවා. එතුමා දෙවියෙක් වගේ උතුම් නිලධාරියෙක් අපට මෙතැන ඉන්න කීවා. කොහේ හරි ඉඩමක් හොයලා දෙන්නම් කීවා. වෙන කාගෙන්වත් අපට පිළිසරණක් නෑ.

බිබිල ප්‍රාදේශීය ලේකම් කපිල බණ්ඩාර මහතාගෙන් විමසූ විට කියා සිටියේ මෑතක දී පැමිණ පදිංචි වී සිටින මේ අසරණ පවුලට ඉඩමක් සොයාගෙන නි‍ෙවසක් ඉදි කර දීමට අවශ්‍ය කටයුතු කරන බවයි.

ඌව පළාත් සමුහ ප්‍රසන්න පත්මසිරි


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT