Local

අපි අපේ දේශපාලනය කරන්න බයවෙන්න ඕන නෑ - දිලිත්

Tuesday, 05 November 2024 - 11:28 am

වත්මන් ආණ්ඩුව පැවති ආණ්ඩු ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ එලෙසම ක්‍රියාත්මක කරමින් සිටින බව සර්වජන බලයේ නායක, ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රට ඉදිරියට ගෙනයාම සඳහා නව දැක්මක් වත්මන් ආණ්ඩුවට නොමැති බවය.

රත්නපුර ප්‍රදේශයේ පැවති ජනරැලියකට එක්වෙමින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

'රනිල් වික්‍රමසිංහ කියන ඒ කෘතහස්ත දේශපාලඥයා සහ පළපුරුදු දේශපාලඥයා යෝජනා කරනවා පළපුරුදු අය එවන්න කියලා. ඔහු ඉතාමත්ම පළපුරුදු දේශපාලඥයෙක්. ඔහු කොතරම් පළපුරුදු කිව්වොත් ඩී. ඇස්. සේනානායක මහතා හදපු පක්ෂය, බණ්ඩාරනායක මහත්තයා හදපු පක්ෂය, වීජේවීර හදපු පක්ෂය... මේ පක්ෂ ඔක්කොම විනාශකරපු, නැත්තටම නැතිකරපු කෘතහස්ත දේශපාලඥයෙක්. ඔහු අද හිනාවෙවී ඉන්නවා කොහොමද මම කරපු වැඩේ කියලා. තව පොඩ්ඩෙන් සර්වජන බලයටත් වැඩේ දෙනවා යන්නතම් බේරුණේ.' 

'දැන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉන්නවා හාන්සි පුටුවේ වාඩිවෙලා. වෙන මොකුත් වෙලා නැහැ. හාමු මහත්තයාටත් වැඩිය කොලුගැටයා හාමු මහත්තයාගේ වැඩේ හොඳට කරගෙන යන නිසා ඔහුට හරි සතුටුයි. හාමු මහත්තයා කරන්නේ නැති වැඩ තමයි දැන් මේ කොලුගැටයා කරන්නේ. අපිට අපේ දේශපාලනයක් තියෙනවා. අපි ඒ දේශපාලනය කරන්න බය වෙන්න නරකයි. ඒකයි අපි එඩිතර විපක්ෂය කියන්නේ. අනුර කුමාරට මතක්කරලා දෙන්නේ ඕනේ මේ නිකං මංඤං විපක්ෂයක් නෙමෙයි මේක එඩිතර විපක්ෂය.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT