Local

වගා ජලය විකුණන කතාව බොරු ඇමැති මහින්ද අමරවීර

Monday, 11 March 2024 - 3:17 pm

ගොවි ජනතාවට වගා කටයුතු සඳහා නොමිලේ දෙන ජලය සඳහා ගාස්තුවක් අය කිරීමට හෝ ජලය පෞද්ගලීකරණයට රජය සූදානම් වන බවට ඇතැම් දේශපාලන පක්ෂ විසින් සිදු කරන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
මෙවැනි කිසිදු යෝජනාවක් රජයට මෙතෙක් ඉදිරිපත්ව නැති අතර, මේ සම්බන්ධව අවම වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට හෝ අමාත්‍ය මණ්ඩලයටවත් යෝජනාවක්වත් ඉදිරිපත් වී නැතැයිද ඇමැතිවරයා අවධාරණය කළේය. එසේ වුවද දේශපාලන වාසි තකා එක්තරා දේශපාලන පක්ෂයක ගොවි නියෝජිතයන් බව කියාගන්නා පිරිසක් ගොවි ජනතාව නොමඟ යැවීමට මේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බවද ඇමැතිවරයා සඳහන් කළේය.
(9) හදබිම අධිකාරියේ සංවිධානයෙන් හුංගම හාතාගල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම් ඉහළ නැංවීම සඳහා පවුල් 200කට කුකුළු පැටවුන් බෙදා දීමේ වැඩ සටහනක් ආරම්භ කරමින් ඇමැතිවරයා මේ බැව් ප්‍රකාශ කළේය. මේ වැඩපිළිවෙළ යටතේ එක් පවුලකට කුකුළු පැටවුන් 20ක් බැගින් පිරිනැමීම අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු විය.


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT