ජනාධිපතිධූර අපේක්ෂකයන්ගෙ අවසන් ප්රචාරක රැලි අද (18) පැවැත්වීමට නියමිතයි.
එම ප්‍රධාන රැලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
ස්වාධීන ජනාධිපතිධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් ජන රැලිය කොටහේන නගරයේ පැවැත්වීමට නියමිතයි.
සමගි ජනබලවේගය පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන අවසන් ජන රැලිය මරදානේදී පැවැත්වීමට නියමිතයි.
ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහබාගී වන අවසන් ජන රැලිය නුගේගොඩදී පැවැත්වීමට නියමිතයි.