Local

ජනතාව රවටන දේශපාලනයට ඉඩ නැහැ - දිලිත්

Saturday, 02 November 2024 - 10:32 pm

ජනතාව රවටන දේශපාලනය තවදුරටත් සිදු කිරීමට එඩිතර විපක්ෂයක් ලෙස තම කණ්ඩායම ඉඩ නොදෙන බව සර්වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ජාඇළ කොටුගොඩ පැවති ජනහමුවක් අතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

'අද අපිට කාටවත් දොස් කියන්න බැහැ. අපි නිර්මාණය කරලා තියෙන්නේ මේ රටට ආදරය කරන මේ රටේ මව්බිමට ආදරය කරන මිනිසුන්ගේ කඳවුර. මෙකේ කිසි දූෂිතයෙක් නැහැ. අපි මේ දේශපාලනය කරලා පෙන්වනවා මේ හොර දූෂිත දේශපාලනය අවසන් කරන්න. හොරු අල්ලනවා කියලා මේ රටේ මිනිස්සු රවට්ටාගෙන එකෙන් බලයට ආපු අනුර කුමාරටත් කියන්න ඕනේ එඩිතර විපක්ෂය මඟ එනවා කියලා. මේ එන්නේ එඩිතර විපක්ෂය කියලා.  රවට්ටලා මේ දේශපාලනය කරන්න ඉඩතියන්නේ නැහැ. ලක්ෂ්මන් නිපුනාරච්චි සහෝදරයා කියනවා මහා විනාශයක් සිදුවුණාලු මේ රටේ වෘත්තීය සමිති නිසා හැමදාම වර්ජනලු, ළමයෙකුට ඉගෙන ගන්න දෙන්නේ නැහැලු, ලෙඩෙකුට බෙහෙත් ගන්න දෙන්නේ නැහැලු... එනිසා එතුමා කියනවා දැන් අපේ වෘත්තීය සමිති ව්‍යාපාරය අපි විසුරුවා හරිනවාලු කොහොමද වැඩේ? දැන් අපිද ඒවා කළේ ? මේ රට විනාශයට අරගෙන ගියේ ? එක අවුරුද්දට අසූ ගාණනක් අර ගාලුමුවදොරට ගෙනාවා පෙළපාලි හැමදාම ගැහුවා කඳුලු ගෑස්, හැමදාම ගැහුවා, කොතරම් ආර්ථික විනාශයක් කළාද ? මේක විකෘතියක් නෙමෙයිද ? කොහෙන්වත් ආපු ඔවුන්වත් නොදන්නා මේ ලිබරල් අටමගලයක් මේ රට විනාශ කරනවානම් ඊට විරුද්ධව පෙනීසිටින්නටයි අපි මේ එඩිතර විපක්ෂය හදන්නේ.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT