Local

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

Wednesday, 13 November 2024 - 7:03 pm

දසවැනි පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් විසිනව දෙනා අතරට පත්වීමට බලාපොරෙත්තුවෙන් සිටින පිළිගත් දේශපාලන පක්ෂ 27 කින් සහ ස්වාධීන කණ්ඩායම් 02 කින් 527 දෙනකුගේ නාමලේඛනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත.

1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99අ ව්‍යවස්ථාව යටතේ ඒ ඒ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයන්ගේ නාමලේඛනය මැතිවරණ කොමිසම විසින් මෙලෙස ප්‍රසිද්ධියට පත් කර තිබේ.

මෙලෙස ජාතික ලැයිස්තු අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇත්තේ අරුණලු ජනතා පෙරමුණ, අහිල ඉලංගෙයි මහජන පක්ෂය, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික සන්ධානය, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ, ජන අරගල සන්ධානය, ජනනායක තමිල් තේසීය කූට්ටනි, ජනසෙත පෙරමුණ, ජාතික ජන බලවේගය, ජාතික ජනතා පක්ෂය, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, දෙවන පරපුර, දේශප්‍රේමී ජන බලවේගය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, නිදහස් ජනතා පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය, සමගි ජන බලවේගය සහ සර්වජන බලය යන දේශපාලන පක්ෂයි.

ස්වාධීන කණ්ඩායම් 01 ගම්පහ දිස්ත්‍රික්කය සඳහා සහ ස්වාධීන කණ්ඩායම් 02 අනුරාධපුරය දිස්ත්‍රික්කය සඳහා ද ජාතික ලැයිස්තු අපේක්ෂකයන් නම් කර ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT