Local

හොරු රැසක් රජයේ වාහන මග දමා පැන ගිහින්… නම් ගම් සහිත හෙලිදරවුවක්..

Wednesday, 25 September 2024 - 8:56 pm

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 253ක් ඉන් පරිබාහිර කටයුතු සඳහා යොදවා ඇති බව ජාතික ජන බලවේගය ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 830 ක් ලේඛනගතව ඇති බවද පැවසූ ඔහු ඉන් වාහන 29ක් අතුරුදහන්ව ඇති බවද කියා සිටියේය.

අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු එම වාහන රැසක් තැන් තැන්වල නවත්වා ගොස් ඇති බවත් ගාලු මුවදොර පිටිය, පදනම් ආයතනය, ලක්සල ඉදිරිපිට ආදි ස්ථානවල මෙසේ වාහන දමා ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙම වාහන බාර දුන්නේ කාටද ඒවා භාර ගත්තේ කවුද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී විධිමත් විමර්ශනයක් සිදුකර එම නම් ගම් රටට හෙළිදරව් කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ගාළුමුවදොර එවන් වාහන නවත්වා ඇති ස්ථානයකට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT