Local

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන නීතිපතිගෙන් උපදෙස් ගනී

Saturday, 31 August 2024 - 8:29 am

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා පත්‍ර සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඉකුත් 2022 වසරේදී පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කර නාමයෝජනා කැඳවූ අතර එහි ඡන්ද විමසීම 2023 මාර්තු මාසයේ දී පැවැත්වීමට එවකට මැතිවරණ කොමිසම තීරණය කළේය. එහෙත් මැතිවරණයට අවශ්‍ය මුදල් වෙන් නොවීම හේතුවෙන් මැතිවරණය මේ දක්වා නොපැවැත්විණි.

2022 දී කැඳවූ විවිධ පක්ෂවල නාමයෝජනා පත්‍රවල ඇතුළත් අපේක්ෂකයන් රැසක් මේ වන විට පක්ෂ හැර ගොස් වෙනත් පක්ෂ සමග එක් වී ඇති බවත් තවත් අපේක්ෂකයන් පිරිසක් මියගොස් ඇති බවත් පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම ඡන්ද දායකයන් ද එදාට වඩා ලක්ෂ ගණනක් අලුතින් එක්ව ඇති නිසා ඔවුන්ට අසාධාරණයක් වන බවද මේ පිළිබඳව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග නීතිපතිවරයා ගෙන් බලාපොරොත්තු වන බවද රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT