Local

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් කණ්ඩායමක් අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

Friday, 30 August 2024 - 6:30 am

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි කාර්මන් මොරේනා මහත්මිය හා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් කණ්ඩායමක් අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී තිබෙනවා.

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂක කණ්ඩායමේ ප්‍රධානී, ජෝස් ඉග්නාසියෝ සැන්චෙස් අමෝර්, සිය නිරීක්ෂණ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය ලබා දුන් සහයෝගයට ස්තූතිය පළ කළ තිබෙන බව සඳහන්.

තවද ඉදිරි ජනාධිපතිවරණය 2022 දේශපාලන හා ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදයට නව ජවයක් ලබා දෙන බවද පෙන්වා දී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට ගරු කරමින්, නිවැරදි ආර්ථික ගමනකට මෙම මැතිවරණය ශ්‍රී ලංකාවට වැදගත් වනු ඇතැයි ඒ මහතා පෙන්වාදී ඇති බවයි වාර්තා වන්නේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා රජයේ පූර්ණ කැපවීම ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් බවත් මැතිවරණවලට අදාළ සියලු තීරණ ගනු ලබන්නේ කොමිෂන් සභාව බවත් පෙන්වාදී තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT