Local

නාවික හමුදාව අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසයි

Monday, 27 May 2024 - 4:13 pm

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ පුත්තලම, මාදම්පේ කටුපිටි ඔය පිටාර ගැලීමෙන්, හේනේපොල ප්‍රදේශයේ ඇති වී ඇති ජල ගැලීම් තත්වය මත පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායමක් ඊයේ (26)  දින එම ප්‍රදේශයට අනුයුක්ත කෙරුණු අතර, එම සහන කණ්ඩායම විසින් මේ වන විට ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරනු ලබයි.

 

පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඔස්සේ ගලා බසින කටුපිටි ඔය පිටාර  ගැලීමෙන් හේනේපොල ග්‍රාම නිලධාරී වසම වෙත පිවිසෙන සියලු පිවිසුම් මාර්ග ජලයෙන් යටවී ඇති බවත්, ඒ හේතුවෙන් එම ග්‍රාම නිලධාරී වසමේ පවුල් විසි හතක (27) පුද්ගලයන් අසූ නව (89) දෙනෙකු පීඩාවට පත්ව ඇති බැවින්, ඔවුන්ගේ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය සහන සැලසීම සඳහා, පුත්තලම දිස්ත්‍රික් ආපදා කලමාණාකරන මධ්‍යස්ථානය වෙතින් කෙරුණු ඉල්ලීමකට අනුව, නාවික හමුදා සහන කණ්ඩායමක් මෙලෙස මාදම්පේ ප්‍රදේශය වෙත අනුයුක්ත කෙරිනි.

 

ඒ අනුව, නාවික හමුදා සහන කණ්ඩායම විසින් අද උදෑසන පාසල් ළමුන් ඇතුළු ප්‍රදේශවාසීන් හට නාවික හමුදා යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ආරක්‍ෂිතව සලසා දීමට කටයුතු  කෙරුණු අතර, එම ප්‍රදේශයේ අඛණ්ඩව සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරමින් සිටියි.

 

තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාව වෙත කඩිනමින් සහන සැලසීම සඳහා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහන කණ්ඩායම් 41 ක් නාවික හමුදාව විසින් තවදුරටත් සූදානමින් තබා ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT