Local

එළවළු විකුණන්න බැරිව ගොඩගැසේ.. අලින්ට කන්න දාන්න වෙයි..

Monday, 28 October 2024 - 11:57 am

උඩරට එළවළු මිල පහත වැටීම හේතුවෙන් උඩරට සහ මැදරට ගොවීන් අන්ත අසරණ තත්වයට පත්ව ඇති නමුත්, මිල අඩුවීමේ වාසිය ගොවීන් වෙත නොලැබෙන බව මාතලේ දිස්ත්‍රික් සජබ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න මහත්මිය පවසයි.

දඹුල්ල, කැප්පෙටිපොල, නුවරඑළිය හා ඇඹිලිපිටය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන් හි එළවළු හා පළතුරු මිල පහත වැටී තිබේ. ගොවියාට නිෂ්පාදන වියදමට සරිලන ආදායමක් හිමි වන්නේ නැත.

අස්වැන්න නෙලීම, ආර්ථික මධ්‍යස්ථාන දක්වා ප්‍රවාහණය කිරීම සහ කොමිස් මුදල් ගෙවීමෙන් පසුව කිසිදු ආදායමක් හිමි නොවන තත්වයකට ගොවීන් පත්ව ඇත.

මෙම තත්වය පාලනය කිරිම සඳහා රජය වහා මැදිහත් විය යුතුව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් කවිරත්න මහත්මිය පවසයි.

එසේ වුව ද, ලංකාව පුරා ප්‍රධාන නගර සහ අර්ධ නාගරිකයේ තවමත් එළවළු මිල ඉහළ මට්ටමක පවතී. ගොවියාට ලැබෙන මිල සහ පාරිභෝගිකයා අතට පත් වන මිල අතර පරතරය තුන් ගුණයක් හෝ හතර ගුණයක් තරම් ඉහල ගොස් ඇත. සැපයුම් ජාල කලමනාකරණයේ නිරත අතරමැදියන් විසින් අධික ලාභ ලබා ගැනීම නිසා ගොවියා ද, පාරිභෝගිකයා ද අන්ත අසරණ තත්වයට පත්ව ඇත.

කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ බීට් රු. 90 ද, ගෝවා රු. 50 ද, නෝකෝල් රු. 80 ද, කැරට් රු. 40 ද, රාඹු රු. 40 ද, තක්කාලි රු. 130 දක්වා ද, පහත වැටී ඇත.

ගෝවා, කැරට්, රාබු, අස්වැන්න නෙලීම ගොවීන් විසින් අතපසු කරමින් සිටින්නේ වගාබිමේ සිට වෙළඳ මධ්‍යස්ථාන වෙත ගෙනයාමේ දී එයට වැඩි මුදලක් දැරීමට සිදු වන බැවිනි.

නුවරඑළිය විශේෂ ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබී ඇති සංචාරන හෝටල් හා ආපන ශාලා වෙත අලෙවි වන මල්ගෝවා, බ්‍රොකලි, රතු රාඹු, මාළුමිරිස්, සුකින, බෙල්පෙපර් නිෂ්පාදනය සඳහා වැය වන මිල හෝ ගොවියාට නොලැබෙන තත්වයක් පවතී. එළවළු තොග විකුණාගත නොහැකි තත්වයට ආසන්න වෙමින් ඇත.

මෙරට විශාලතම ආර්ථික මධ්‍යස්ථානය වන දඹුල්ල වෙත ලැබී ඇති එළවළු තොග විකුණා ගැනීමේ අපහසුවක් ඔක්. 25 සිකුරාදා දිනයේ දකින්නට ලැබුණි. අ

ද දිනයේ මෙම තත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට අනුමාන කෙරේ. දින දෙකක් එළවළු විකුණා ගත නොහැකි වන්නේ නම්, මෙයට වසර තුනකට පෙර සිදු වූ අයුරින්ම ගොවියාගේ අස්වැන්න අලින්නට කන්නට දමන්නටත්, විසි කර දැමීමට සිදුවිය හැකි බවටත් ගොවීන් බියට පත්වී ඇත.

මෙම තත්වය පාලනය කිරීම සඳහා රජය වහා මැදිහත් විය යුතු යැයි රෝහිණී කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT