Local

අප තෝරා­ගත යුත්තේ අභි­යෝග භාර­ගන්න පුළු­වන් නාය­ක­යෙක් – වරාය හා ගුවන් සේවා ඇමැති නිමල් සිරි­පාල

Thursday, 25 January 2024 - 6:48 am

Òමම තමයි රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට ජන­ප­ති­කම ගන්න කියලා කීවේ.එතුමා අපි ඉහ­ළින්ම ඔසවා තැබුවා. හද­ව­තට එක­ඟව කිය­නවා කුහක වෙන්න හොඳ නෑ. අපට තිබුණු දුෂ්කර කාල පරි­ච්ඡේ­ද­ය­කින් ගොඩ­දැම්මේ එතුමා. ඉදි­රි­යේදී නාය­ක­යෙක් තෝරද්දී කොන්ද පණ ඇති අභි­යෝග භාර­ගන්න පුළු­වන් නාය­ක­යෙක් තෝරා­ගත යුතු යැයිÓ වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරි­පාල ද සිල්වා මහතා ඌව­ප­ර­ණ­ගම දී පැව­සීය.
වැලි­මඩ – ඌව­ප­ර­ණ­ගම උමා ඔයෙන් වෙන්වෙන ගිරාබේ පාලම අලු­තින් ඉදි කිරී­මට වැඩ ආරම්භ කිරීම හා ඌව­ප­ර­ණ­ගම හඟු­න්නෑව පාලම අලු­තින් ඉදි කර ජනතා අයි­ති­යට පත්කි­රීමේ උත්ස­ව­යේදී ඇමැ­ති­ව­රයා එසේ පැව­සීය. මේ පාලම් දෙක ඉදි කිරී­මට ඌව පළාත් ආණ්ඩු­කාර ඒ.ජේ.එම්. මුස­ම්මිල් මහතා ඌව පළාත් සභාව මඟින් රුපි­යල් මිලි­යන 213ක මුද­ලක් වැය කර තිබේ.
එහිදී ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සීය.
Òමැති­ව­ර­ණ­යක් ආපු­වාම බහු­තර ජන­තා­වගේ කැමැත්ත සොයා බලා ඒ මත­යත් එක්කම මේ රට රැක ගන්න පුළු­වන් රට ගිනි නොති­යන අයෙ­කුට අපි උදවු කර­නවා. අපි උතුරේ තිබුණු එල්.ටී ටී.ඊ එක­ටත් එදා විරුද්ධ වුණා වගේම දකුණේ තිබෙන ත්‍රස්ත­වා­ද­ය­ටත් විරු­ද්ධයි.අද බැටලු හම් පොර­වා­ගෙන ආවට වෘක­යන් කවුද කියලා.
රටේ ජන­තාව දන්නවා අද පෝස්ටර් ගහ­ගෙන දීර්ඝ කතා කියන අයට එදා මේ රටේ නාය­ක­ත්වය බාර­ගන්න කීවා.කවු­රුත් බාර­ගත්තේ නෑ.ඒ වග­කීම අභි­යෝග හමුවේ බාර­ගත් ජන­පති ජන­ප්‍රිය තීන්දු නොව රටට අවශ්‍ය තීන්දු ගත් නිසයි අද රට මේ තත්ත්ව‍‍ෙ­යන් තියෙන්නේ. එතු­මාට අපි ස්තුති කළ යුතුයි.Ó
Òමම කව­දා­වත් බෝඩ් උස්සා­ගෙන පාරට බැහැලා නෑ. බදුල්ලේ ජන­තාව වෙනු­වෙන් හැම­දාම හරි තීන්දු ගත්තා. මෙව­රත් ආණ්ඩු­වට එකතු වී සහ­යෝ­ගය දුන් නිසා තමයි ඌව වෙල්ලස්ස විශ්ව­වි­ද්‍යා­ල­යට වෛද්‍ය පීඨය, බදුල්ල මහ­නු­වර රජ මාවත,බදුල්ල ශික්ෂණ රෝහ­ලක් බවට පත් කර සිය­ලුම පහ­සු­කම් ලබා ගැනී­මට මට පුළු­වන් වුණේÓ යැයි ද පැව­සීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT