Local

හරක් කටාට එරෙහි නඩුවක් ජූලි 15 දක්වා කල් තබයි

Tuesday, 20 May 2025 - 12:32 pm

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ට එරෙහිව ඇති මංකොල්ල නඩුවක වැඩිදුර විභාගය ජූලි මස 15 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ අද (20) මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා අද දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසට ඔහුගේ කනිෂ්ට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව, නඩුවේ වැඩිදුර විභාගය ජුලි මස 15 වැනිදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

2015 වසරේ මුල්ලේරියාව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී, ගිනි අවි පෙන්වා නිවසේ හිමිකරුට තර්ජනය කර, එම නිවසේ තිබූ මෝටර් රථයක් පැහැරගෙන ගොස්, රුපියල් 20,000/- මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ‘හරක් කටා’ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT