ගුරු - විදුහල්පති සංගම් නියෝජිතයින් අද (05) පාර්ලිමේන්තු වටරවුමේදී පැවැත්වීමට නියමිත විරෝධතාවයේදී මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අද අයවැය විවාදයේ අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනෙමින් පවතින අතර ගුරු - විදුහල්පති වෘත්තීය සමිති ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා අද දහවල් විරෝධතාවක් සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.