Local

සමාජ ජාලා නිරීක්‍ෂණය අරඹයි..

Thursday, 19 September 2024 - 1:20 pm

ජනාධිපතිවරණයට අදාළ නිහඬ කාල සීමාවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයා බැලීමට මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ කණ්ඩායමක් යොදා ඇති බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල මෙනෙවිය පැවැසුවා ය.

පස් දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම සහ නිරීක්ෂණ සංවිධාන මගින් ලබා දෙන වාර්තාවන් අනුව සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරය වන දුෂ් තොරතුරු ඉවත් කර දමන බව ඇය ප්‍රකාශ කළා ය.

මේ අතර, ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

අදාළ ස්ථානයන් ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීමෙන් වැළකී සිටිය යුතු බව සඳහන් වේ.

එම ස්ථාන තුළ අවි ආයුධ සන්තකයේ තබා ගැනීම, දුම් පානය, මත්පැන් පානය සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කිරීම තහනම් බව අදාළ සියලු පාර්ශ්ව වෙත මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරට ත් සඳහන් වේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT