රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති ගෙදර ගියේ රටේ ජනතාව අනාථ කර බවත් ඉන් රට ගොඩ ගැනීමට ඉදිිරි වසර හතර තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කල යුතු බවත් හිටපු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස පවසය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නව ගිවිසුමක් හරහා 2033 සිට ණය ගෙවන්න හැකි බවත් ඒ කාලය වන විට සෘජු විදේශ සංචිත වැඩි කර ගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
දැනට මතුව ඇති ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයෙන් සංචාරක කර්මාන්තය අඩපණ වුවහොත් ණය ගෙවීමට නොහැකි වනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුවේ බහුතරයෙන් මේ ගිවිසුම සංශෝධනය කරමින් ජනතාවගේ හිසමත පීඩනය පටවන යෝජනා ඉවත් කළ යුතු බවත් සජිත් ප්‍රේමදාස කියා සිටියේ දෙමටගොඩ ප‍්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමිනි.