Local

කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවීමට අදාළ තවත් අයෙක් කොටු වෙයි

Saturday, 27 January 2024 - 3:24 pm

අපොස උසස් පෙළ විභාගයේ  කෘෂි විද්‍යාව දෙවැනි කොටස ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් ඒ සම්බන්ධයෙන් සැකපිට ගුරු උපදේශකවරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

මොරටුය කටුබැද්දේ මෝල්පේ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 57 හැවිරිදි එම ගුරුඋපදේශිකාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (25) සවස් කාලයේදීය.

ප්‍රශ්න පත්‍රයේ සඳහන් ප්‍රශ්න ඒ ආකාරයෙන්ම විභාගය පැවැත්වීමට නියමිත වේලාවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට ඉඩ සැලැස්වීම හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

ආන්දෝලනයට තුඩුදුන් ප්‍රශ්න පත්‍රය කාර්යාල සහයකයෙකු විසින් පැන්නූ විභාග මධ්‍යස්ථානයේ ප්‍රධානියා ලෙස කටයුතුකර ඇත්තේ ඇය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කරුණු තහවුරුකර ගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතාගෙන් කරුණු විමසීමට උත්සහා ගත්තද ඊට නිසි ප්‍රතිචාර නොලැබුණි.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT