Local

මැති ඇමති සහ හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද ගැන සොයා බැලීමට පත්කළ චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

Monday, 02 December 2024 - 9:54 pm

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දී තිබේ.

අද (02) ජනාධිපති කාර්යාලයේ දී එම වාර්තාව භාර දෙනු ලැබීය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක එම අවස්ථාවට එක්ව සිටියහ.

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීම සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කමිටුවක් පත් කළේය. 

කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ සංයුතිය,

  • කේ.ටී.චිත්‍රසිරි මහතා - (සභාපති) විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
  • ඩී.දිසානායක මහතා - විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්
  • ජයන්තා සී.ටී. බුළුමුල්ල මහත්මිය - විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්/දිසාපති


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT