Local

වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල සමඟ ලබන සඳුදා දින සාකච්ඡා කරනවා – උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්

Saturday, 01 June 2024 - 10:36 am

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පැවසීය.

මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජය බලාරොත්තු වන බව ද සඳහන් කළේය.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය,

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල මේ වන විට වර්ජනයක නිරතව සිටිනවා. මෙය අවාසනාවන්ත කරුණක් බව කිව යුතුයි. මෙමඟින් පීඩාවට පත්වන්නේ අනාගත ශිෂ්‍ය පරම්පරාවයි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ග නිසා රුපියල් මිලියන 150 ක පමණ සෘජු මූල්‍ය පාඩුවක් සිදු වනවා. එය මිනිස් කාලය අනුව මිලියන 1.8ක අපතේයාමක් බව පැවසිය යුතුයි. ඒ නිසා අප රජයට තව පැයක්වත් නාස්ති කිරීමට අවශ්‍ය නැහැ.

මෙම වෘත්තීය සමිති ඉල්ලා සිටින වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් ඉටු කිරීම සඳහා ඉදිරි මාස හය සඳහා රුපියල් බිලියන 1.1 ක් අවශ්‍ය වනවා. මා මේ සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා තිබෙනවා. මෙම ගැටළුවට විසඳුම් ලබාදෙන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ භාණ්ඩාගාරය සමඟ ද සාකච්ඡා පැවැත්වෙනවා.

වැඩවර්ජනයේ යෙදී සිටින වෘත්තීය සමිති නායකයන් සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කිරීමට නියමිතයි.

අපගේ අපේක්ෂාව වන්නේ දෙපාර්ශ්වයම එකඟ විය හැකි මැද මාවතේ විසඳුමකට පැමිණීමයි. මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජය බලාරොත්තු වෙනවා.

ඒ වගේම මෙරට උසස් අධ්‍යාපනය ද වෙනස් විය යුතුයි. මම පසුගිය දා ගෝලීය උසස් අධ්‍යාපන සමුළුවට සහභාගි වුණා. නූතන ලෝකයේ සිදුවන වෙනස්කම් අනුව උසස් අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බව බොහෝ රටවල මතය වී තිබෙනවා. ඒ අනුව අප ද ගමන් කළ යුතු බව මාගේ අදහසයි.

එමෙන්ම ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා වන නීති සම්පාදනය මේ වන විට සකස් කෙරෙමින් පවතිනවා. එමෙන්ම අප රටේ සිසුන්ට විදේශගත නොවී උසස් අධ්‍යාපනය ලබා ගත හැකි ආකාරයට අපේ රටේ උසස් අධ්‍යාපනය දියුණු කළ යුතුයි.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT