Local

සොඳුරු රෙජිනෝල්ඩ් සමු ගෙන වසරයි

Monday, 15 January 2024 - 9:12 am

ජනවාරි 12 දිනට යෙදුණු කෘතහස්ත දේශපාලනඥ රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ වර්ෂ පූර්ණ ගුණ සමරුව නිමිත්තෙනි.

ගුණ නැණ බෙලෙන් යුතු මිනිසුන් මිය ගියද ඔවුන්ගේ ගුණ සුවඳ ජනතාව අතර සැමදා මතකයේ රැඳෙන බව අප අසා ඇත. එවන් ගුණ සුවඳැති පරිපුන් මිනිසෙක් 2023 ජනවාරි 12 දින අප අතරින් සදහටම සමු ගෙන ගියේය. ඒ අන් කිසිවකුත් නොව, උතුරු පළාත් හිටපු ආණ්ඩුකාරවරයකු මෙන්ම බස්නාහිර හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු හා හිටපු කැබිනට් ඇමැතවරයකුද වූ රෙජිනෝල්ඩ් කුරේ මහතාය.

දෑ කුල මල භේදයකින් තොරව කාටත් මිතුරකු ලෙස සැලකූ රෙජිනෝල්ඩ් කුරේ මහතා උතුරේ දෙමළ ජනතාව පිළිගන්නේ තම කල්‍යාණ මිතුරකු ලෙසිනි. චතුර ලෙස දමිළ බස හැසිරවූ ඒ මහතා උතුරේ පැවති උත්සවවලදී කතා කළේ ඔවුන්ගේම බසිනි. එය දමිළ ප්‍රජාව අතර ඔහු ජනප්‍රිය වීමට බොහෝ සේ බලපෑවේය. තමා හමුවට එන දමිළ ජනයා සමඟ දමිළ බසින්ම කතා කිරීම ඔවුහු මහත් සේ අගය කළෝය.

රෙජිනෝල්ඩ් කුරේ මහතා ආ දේශපාලන ගමන් මඟ විල්ලුද බුමුතුරුණු එළන ලද්දක් නොවීය. රජුන් රැජනන් තැනීමට ඔහු පාර කැපූ වාර අනන්තය. ඒ රජුන් රැජනන් ඔහුඑ පිටු පෑ වාරද අපමණය. එනමුදු ඒ කිසිවකින් සැලුණේ ඔහු නොවේ. 1988 වසරේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස සක්‍රිය දේශපාලනයට පිවිසුණු හෙතෙම 1993දී එහි නියෝජ්‍ය සභාපති ධුරයට පත් වූයේය. 1994දී පාර්ලිමේන්තුවට පිවිසුුණු ඔහු ඒ රජයේ සමෘද්ධි කටයුතු නියෝජ්‍ය ඇමති ධුරයටද පත් කෙරිණි. ඉක්බිති 1997දී අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති ධුරය ඔහුට පිරිනැමුණු අතර, 2000දී ජාතික ඒකාබද්ධ සහ ජනවාර්ගික කටයුතු ඇමැතිවරයා වශයෙන් පත් කෙරිණි. 2000 නොවැම්බරයේ සිට 2004 තෙක් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය හෙබවූ ඒ මහතා 2004දී යළි පාර්ලිමේන්තුවට පත්ව සිව් මසක් ජනමාධ්‍ය ඇමැති ධුරය හොබවා, 2004 අගෝස්තුවේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයට යළිත් පත් විය. ඉන් ස-වසකට පසු නැවතත් පාර්ලිමේන්තුවට පත් වූ හෙතෙම එවර අධිකරණ නියෝජ්‍ය ඇමැති ධුරයට පත්ව, 2011දී සුළු අපනයන භෝග ප්‍රවර්ධන ඇමැති, 2015දී ගුවන් සේවා ඇමැති ධුර හොබවා 2016දී උතුරු පළාත් ආණ්ඩුකාර පදවියට පත් කෙරිණි. 2021දී රූපවාහිනී සංස්ථාවේ සභාපති පදවිය ඔහු වෙත පැවරිණි.

අතිශය ඉවසීමෙන් ප්‍රශ්න දෙස බලා තීරණ ගන්නා, කිසි විටෙක නොකිපුණු දේශපාලනඥයන් අතර රෙජිනෝල්ඩ් කුරේ මහතාට හිමි වූයේ වෙසෙස් තැනකි. ඔහුගේ දෙසුම් ජන වහරේ එන උපමා උපමේය හා ආත්තෝපදේශවලින් මෙන්ම ඔහුම තැනූ උපමාවලින්ද රසවත් හා හරවත් වූයෙන් ශ්‍රාවක ආකර්ෂණය නොමඳව ලැබීය. ඉහළ කලා හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ ඔහු විටෙක ගීත රචකයෙක්ද, තවත් විටෙක ගායකයෙක්ද, ගී තනු නිර්මාණකරුවෙක්ද, ටෙලි නාට්‍යය නළුවෙක්ද, නිෂ්පාදකයෙක්ද වීය. විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වූ ඔහුගේ සමකාලීනයන් අතර ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ හිටපු ඇමැතිවරුන් වන එස්.බී. දිසානායක හා චන්ද්‍රසේන ගජධීර මහත්වරුද වෙති.

පක්ෂ කිහිපයක් ඔස්සේ තම සිතට එකඟ දේශපාලනයක නිරත වූ රෙජිනෝල්ඩ් කුරේ මහතා මිය යන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයා වශයෙන් කටයුතු කරමින් සිටියේය. ජැන්ඩියට හැඳ පැලඳගෙන, ආරක්ෂකයන් සහ රථ පිරිවරාගෙන උත්සවවලට සහභාගි නොවූ ඔහු බොහෝ විට එවන් තැන්වලට ගියේ රියැදුරු පමණක් කැටුවය.

කිසිවකු හෙළා නොදැක, විහිළුවෙන් තහළුවෙන් සැහැල්ලුවෙන් ජීවත් වූ ඒ දයාබර මිනිසාට නිවන් සුව අත් වේවායි පතමු.


Top Stories
wedivistara

වෙසක් උත්සවය වෙනුවෙන් සුරාසල් දින 03 ක් වැසෙයි

wedivistara

නීතිඥ කාමරයේ තිබූ ලැප්ටොප් එක උස්සලා

wedivistara

FitsAir ගුවන් සමාගම, ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි

wedivistara

තොරතුරු තාක්ෂණය ආර්ථිකයේ ප්‍රමුඛ අපේක්ෂාවක්

wedivistara

කෝටි දෙකක මංකොල්ලයක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT