Local

ශ්‍රී ලංකා – අමෙරිකා ඒකාබද්ධ යුද අභ්‍යාසයක්

Saturday, 03 August 2024 - 12:02 pm

අමෙරිකානු ආරක්ෂක අංශ සහ මෙරට ගුවන් හමුදාව එක්ව, ඒකාබද්ධ යුද අභ්‍යාසයක නිරත වීමට නියමිතව තිබෙනවා.

‘ඇට්ලස් ඒන්ජල්’ නමැති එම ඒකාබද්ධ යුද අභ්‍යාසය සඳහා අමෙරිකාවේ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සහ මාලදිවයින් ආරක්ෂක හමුදාවද එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ස්වභාවික හා මිනිසා විසින් සාදන ලද ඒවාට සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමිනුයි එම යුද අභ්‍යාසය පැවැත්වෙන්නේ.

ඒ අනුව ලබන 5 වනදා සිට 9 වනදා දක්වා මෙම යුද අභ්‍යාසය පැවැත්වෙන අතර ඊට අමෙරිකාවෙන් 70කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි.

එමෙන්ම හර්කියුලිස් වර්ගයේ ගුවන් යානා දෙකක් සමඟින් මාලදිවයිනෙන් පිරිසක්ද මීට සම්බන්ධ වන අතර ආපදා ප්‍රතිචාර දැක්වීමේදී ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් පෝෂණය කිරීම සඳහා එක්සත් ජනපදයේ කැපවීම අවධාරණය කිරීමද අදාළ ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අරමුණ වී තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT