Local

පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වනවා

Tuesday, 27 February 2024 - 9:45 pm

  • කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වෙනම ණය යෝජනා ක්‍රමයක් – අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ.

අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති පරාටේ නීතිය සම්බන්ධව සංශෝධනයක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (Small and Midsize Enterprise) සඳහා වෙනම ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධිකරණ,බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මෙසේ ද පැවසීය,

රටකට මූල්‍ය ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඒවගේම ආර්ථිකය ද ශක්තිමත් විය යුතුයි. මීට අදාළ සැලකිය යුතු බලයක් මහ බැංකුව සතුයි. පසුගිය සමයේ මෙරට කතාබහට ලක්වූ පරාටේ නීතිය සම්බන්ධව කතා කළහොත් එහි දී මහ බැංකුව අවධානය යොමු කර තිබුණේ මූල්‍ය ආයතනවල ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට පමණයි. එහිදී රටේ ශේෂ පත්‍රය පිළිබඳව මහ බැංකුව අවධානය යොමු කළා ද යන ගැටලුව බොහෝ පාර්ශ්ව ඉදිරිපත් කළා. ඒ වගේම 22%ක්ව පැවැති කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය 8%ක් දක්වා පහත වැටීම, 38%ක්ව පැවති කර්මාන්ත ක්ෂේත්‍රය 32% දක්වා පහත වැටීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

17 වතාවක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ණය ගැනීමට අපට සිදුවුණා. එසේ කළත් ආර්ථිකය ගොඩ ගැනීමට නොහැකි වී තිබෙනවා. එහිදී අප විසින් නිරන්තරයෙන්ම සිදුකර ඇත්තේ ආර්ථිකයේ සේවා අංශය පුළුල් කිරීම පමණයි. කර්මාන්ත අංශය නොසලකා හැරීම නිසා නිෂ්පාදන ධාරිතාව අඩු වුණා.

රාජ්‍ය බැංකු දෙකක් විසින් එක් එක් පුද්ගලයන්ට ලබාදී ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 602ක් පමණ වනවා. එයින් අති බහුතරයක් ගෙවාගැනීමට නොහැකිව බොල් ණය ලෙස කපා හැරීමට සිදුව තිබෙනවා. මෙම ණය ප්‍රමාණය අප රටේ කෘෂිකර්මාන්ත සහ කර්මාන්ත යන ක්ෂේත්‍ර සඳහා යෙදවීමට හැකිවූවා නම් එම ක්ෂේත්‍රවල විශාල වර්ධනයක් ලබාගැනීමට හැකිව තිබුණා. රටේ මූල්‍ය පාලනයක් නොතිබූ නිසා එවැනි තත්ත්වයක් උදාවුණා.

මෙහිදී ව්‍යාපාරිකයන් මෙන්ම මූල්‍ය ආයතන ද අර්බුදයට පත් නොවන ආකාරයට අප කටයුතු කළ යුතුයි. ඒ අනුව පරාටේ නීතිය හමුවේ ඇති වන පීඩා මඟහරවා ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා පරාටේ නීතිය සම්බන්ධව යම් සංශෝධනයක් අප ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (Small and Midsize Enterprise) සඳහා වෙනම ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට ද අප බලාපොරොත්තු වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම මතය තුළ සිටිනවා.

ඒ වගේම අපට මූල්‍ය සහයෝගය ලබාදෙන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන සමඟ සාකච්ඡා කොට මෙම අඩු පොලී ණය ක්‍රමය හඳුන්වාදීමට අපේක්ෂා කරනවා. බැංකුව හරහාම ණය ලබාදීමේ දී පවතින ගැටලුව වන්නේ, ලැබිය යුතු අයවලුන් සඳහාම ණය ලබාදීම සිදුවනවා ද යන්නයි. ඒ නිසා මෙම ණය පහසුකම ලබාදීම අධීක්ෂණ ක්‍රමයක් යටතේ සිදු කළයුතු බව කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව අප තීරණය කළා. ඒ සම්බන්ධව ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට ද අප බලාපොරොත්තු වනවා.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT