Local

ඉරාන විදේශ අමාත්‍යවරයා ජනපති හමුවෙයි

Thursday, 22 February 2024 - 8:34 am

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලාහියන් (Hossein Amir-Abdollahian) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

මෙහිදී ගාසා තීරයේ ගැටුම් පිළිබඳව අදහස් පළ කළ ජනාධිපතිවරයා සටන් විරාමයක් ඇති කර සාම ගිවිසුමකට එළඹීමේ අවශ්‍යතාව ඉරාන විදේශ අමාත්‍යවරයා ‍හමුවේ අවධාරණය කළේය.

එමෙන්ම කිසිදු සාම ගිවිසුමක් ඒකපාර්ශ්වික නොවිය යුතු බවත් දෙපාර්ශ්වයටම පිළිගත හැකි වන පරිදි සකස් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා වසර 5ක් තුළ පලස්තීන රාජ්‍යය පිහිට විය යුතු බවත් එය පිහිටුවීමේදී ඊශ්‍රායල රාජ්‍යයේ ආරක්ෂාවට තර්ජනයක් සිදු නොවිය යුතු බවත් සඳහන් කළේය.

ඉන්දියන් සාගරය තුළ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ කලාපයේ නාවික ගමනාගමනයේ නිදහස තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව ද පැවසීය.

ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලාහියන් සඳහන් කළේ දෙරටේ සංස්කෘතික සබඳතා මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමටත් ඉරාන රජය කැපවී සිටින බවයි.

ඉරාන- ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතාව සඳහා නව මංපෙත් විවර කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT