Local

නාගපට්නම්-කොළඹ දක්වා ඉදි කිරීමට නියමිත බහු ඉන්ධන නළ මාර්ගය ගැන ඉන්දියාවේදී සාකච්ඡා

Monday, 12 February 2024 - 8:35 am

ඉන්දීය රජය ඔස්සේ ඉන්දීය තෙල් සමාගම ඉදිරිපත් කර ඇති නාගපට්නම් සිට ත්‍රිකුණාමලය තෙල් ටැංකි හරහා කොළඹ දක්වා ඉදි කිරීමට නියමිත, බහු ඉන්ධන නළ මාර්ගය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඉන්දියාවේදී සාකච්ඡා පවත්වයි.

ඉන්දීය ඛනිජ සහ ස්වභාවික වායු අමාත්‍යාංශයේ ආරාධනාවකට අනුව දෙවන වරට පැවති ඉන්දීය බලශක්ති සතිය වෙනුවෙන් පෙබරවාරි 6 සහ 7 දෙදින පැවති සමුළුවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහභාගී විය. ඒ අවස්ථාවේදී ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.

මෙහිදී ඉන්දියානු ඛනිජ හා ස්වභාවික වායු අමාත්‍ය හර්දීප් සින් පූරි මහතා සමඟ පැවති සාකච්ඡාවේදී දැනට ඉන්දියානු සහයෝගය මත මෙරට ක්‍රියාත්මක වන බලශක්ති ව්‍යාපෘති පිළිබඳ මෙන්ම ඉන්දියානු ආයෝජන පිළිබඳවද, අනාගත බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් වන ප්‍රතිපත්ති සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ගැනිණි. එහිදී ස්වභාවික වායු සැපයීම, ඉන්ධන නළ පද්ධතියක් මඟින් ඒකාබද්ධ කිරීම, ඉන්ධන සහ ගෑස් ගවේෂණ කටයුතු, ලංකා ඉන්දීය තෙල් සමාගමේ මෙරට මෙහෙයුම් කටයුතු, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය සහ පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලසුම් සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන ලදි.

මේ සාකච්ඡාවට ඉන්දියානු ඛනිජ හා ස්වභාවික වායු අමාත්‍යාංශයේ ලේකම්, ඉන්දීය තෙල් සමාගමේ සභාපති, හින්දුස්ථාන් තෙල් සමාගමේ සභාපති, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, ඛනිජ සංවර්ධන අධිකාරියේ සභාපති, පෙට්‍රොනෙට් ස්වාභාවික ද්‍රව වායු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් මෙන්ම, ඉන්දියානු තෙල් සමාගම් සහ ගවේෂණ සමාගම්වල නිලධාරීහුද සහභාගී වූහ.

එමෙන්ම ඉන්දීය බලශක්ති සතියට සමගාමීව, ඉන්දියානු ඉන්ධන සමාගම සමඟ සාකච්ඡාකටද සහභාගී විය. මේ සාකච්ඡාවේදී ඉන්දියානු රජය හරහා ඉන්දීය තෙල් සමාගම ඉදිරිපත් කර ඇති නාගපට්නම් සිට ත්‍රිකුණාමලය තෙල් ටැංකි හරහා කොළඹ දක්වා ඉදි කිරීමට නියමිත බහු ඉන්ධන නළ මාර්ගය සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැණිනි.

මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන තාක්ෂණික ඇගයීම්, මූල්‍ය විශ්ලේෂණය, සැපයුම සහ වෙළෙඳපොළ විශ්ලේෂණය මෙන්ම ව්‍යාපාරික සැලසුම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්වූ අතර, මේ සඳහා වන ආයෝජනය සහ ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය සම්බන්ධයෙන් වන ඒකාබද්ධ ආයෝජන සැලසුම සහ ඉන්දියානු තෙල් සමාගම හා ඛනිජ තෙල් බෙදාහැරීමේ පර්යන්තයේ ඒකාබද්ධ මෙහෙයුම් සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ගැනිණි.

ඉන්දියානු තෙල් සමාගම, ලංකා ඉන්දියානු තෙල් සමාගම, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ පරමාණුක බලශක්ති අධිකාරිය යන සමාගම්වල සභාපතිවරු මේ හමුවට එක් වූහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT