Local

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් ජනපති සමඟ හමුවක

Monday, 19 February 2024 - 6:09 pm

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (19) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර, ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සුහද හමුවකට එක්වීමට ද එම දරුවන්ට අවස්ථාව උදා විය.

ජනාධිපති කාර්යාලයේ කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයට එම දරුවන් කැඳවු ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය යනු කුමක්ද, එහි ව්‍යුහය සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව ඔවුන් දැනුවත් කළේය.

රටේ ප්‍රධාන තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයේදීම, එය මෙහෙයවනු ලබන ජනාධිපතිවරයා සමඟ කතාබහකට එක්වීමට පාසල් දරුවන්ට අවස්ථාව හිමි වූයේ පළමු වරට වීම ද විශේෂත්වයකි.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධුර දරන සිසුවියන් වෙත එම අමාත්‍ය ධුරයන්හි වගකීම,කාර්යභාරය සහ කැබිනට් මණ්ඩලයේ වගකීම් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා කරුණු පහදා දුන්නේය.

රටේ අනාගත නායකත්වයට පත්වන දරු පරපුර රාජ්‍ය පාලන ව්‍යුහය පිළිබඳ මනා දැනුමක් ලබා තිබීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

තම පාසලේ දරුවන් වෙත ලබාදුන් මෙම ඓතිහාසික අවස්ථාව පිළිබඳව කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්ලිව්.ආර්. ප්‍රියදර්ශනී මහත්මිය විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය ස්තූතිය පිරිනැමුවාය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT