Local

සමාජ ජාලවල අපේක්‍ෂක ප‍්‍රවර්ධනය කලොත් වසර තුනක් හිරේ.. ලක්‍ෂයක් දඩ..- ගැසට්ටුව එයි..

Sunday, 04 August 2024 - 9:28 am

රාජකාරි වේලාව තුළ රජයේ නිලධාරින්ට පෞද්ගලික සමාජ ජාල ගිණුමක් හෝ වෙනත් ගිණුමක් භාවිතා කරමින් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට හේතු වන යම් ප්‍රචාරණයක් හෝ ප්‍රකාශයක් සිදු කිරීම බරපතළ වරදක් බවත් එවන් පුද්ගලයන් වසර 3ක සිරදඬුවමකට යටත් කිරීමට හෝරුපියල් ලක්ෂයකට නොවැඩි දඩයක් නියම් කිරීමට හෝ මේ දඬුවම් දෙකටම යටත් කිරීමට හෝ හැකි වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් විශේෂ චක්‍ර ලේඛයක් මඟින් දක්වා තිබේ.

එමෙන්ම දේශපාලන අයිතිවාසිකම් අහිමි රජයේ නිලධාරියෙකුට වුවද, මෙම නිර්ණායකය බලාත්මක වනු ඇත.

ඒ අනුව තම පෞද්ගලික සමාජජාල ගිණුමක් හෝ වෙනත් ගිණුමක් භාවිතා කරමින් යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට හේතු වන යම් ප්‍රචාරණයක් හෝ ප්‍රකාශයක් සිදු කිරීමද එම වරද යටතටම ගැනෙන බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්ව- රයා නිකුත් කළ එම චක්ලේඛයේ දක්වා ඇත.

රාජ්‍ය සේවකයන්ට අමතරව මෙම චක්‍රලේඛය සියලු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථා පිත මණ්ඩල සේවක සේවිකාවන්ට ද අදාළ වනු ඇත. මෙම චක්‍ර ලේඛය නිකුත් කර ඇත්තේ සැප්තැම්බර් 21 වැනිදා පැවැ- ත්ත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක ගතව වන අතර එමඟින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් විසින් පක්ෂ හෝ පුද්ගලයන්ප්‍රවර්ධනය කිරීම හෝ අගතියට පත් කිරීමට කටයුතු කිරීම වළක්වාලීමට කටයුතු කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉතා වැදගත් යන සිරස්තලයෙන් යුක්තව යොමු කර ඇති චක්‍රලේඛ අංක 5 යටතේ අංක 8 IV හා අංක 17 යටතේ මෙම කරුණු උකහා දක්වා ඇති අතර එය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සියලු රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපති හා සාමාන්‍යාධිකාරිවරුන් ඇතුළු සියලු රාජ්‍ය ප්‍රධානීන් වෙත යොමු කර ඇති මේ චක්‍ර ලේඛයෙන් සවිස්තරාත්මකව දක්වා ඇත්තේ පෙර මැතිවරණයන්හි දී ලැබුණු පැමිණිලි සම්බන්ධව විධිමත් විමර්ශනයකින් පසුව නව ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT