Local

ගම්පහ රුවනි ටීචර් රෝහණ සර් OL පේපර් ලීක් කළ හැටි

Friday, 31 May 2024 - 1:22 pm

සාමාන්‍ය පෙළ විභා­ගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ පළමු සහ දෙවැනි කොටස් ජංගම දුර­ක­ත­න­ය­කින් ඡායා­රූප ගත කර ටියු­ෂන් ගුරු­ව­ර­ය­කුට යැවීමේ චෝද­නාව මත අත්අ­ඩං­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටි ගුරු­ව­රිය සහ විශ්‍රා­මික ගුරු­ව­රයා රුපි­යල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරී­මට ගම්පහ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සීලනී පෙරේරා මහ­ත්මිය ඊයේ (30) නියම කළාය.

මහේ­ස්ත්‍රා­ත්ව­රිය විසින් ඔවුන් දෙදෙ­නාට විදේශ ගමන් තහ­න­මක් ද පැන­වනු ලැබු­වාය.

මෙසේ ඇප නියම වූයේ පසු­ගි­යදා පැවැති අධ්‍යා­පන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගයේ නිරී­ක්ෂ­ක­ව­රි­යක ලෙස ගම්පහ රත්නා­වලී බාලිකා විදු­හලේ රාජ­කාරි කට­යුතු කළ රුවනි නදීෂා නමැති ගුරු­ව­රි­යක සහ රෝහණ චන්ද්‍ර­සිරි නමැති විශ්‍රා­මික ටියු­ෂන් පන්ති ගුරු­ව­ර­යෙකි.

මෙහිදී වැඩි­දුර වාර්තා­ව­කින් අධි­ක­ර­ණයේ හමුවේ කරුණු දක්වා සිටි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ විම­ර්ශන අංශයේ උප පොලිස් පරී­ක්ෂක තුෂාර මහතා පැවැ­සුවේ දෙවැනි විත්ති­කා­රිය ගම්පහ රත්නා­වලී බාලිකා විදු­හලේ මෙවර අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගයේ හය වැනි නිරී­ක්ෂ­ක­ව­රි­යක ලෙස රාජ­කාරි කර­මින් සිටි­යදී ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරේ පළමු සහ දෙවන කොටත් ජංගම දුර­ක­ත­න­යෙන් ඡායා­රූ­ප­ගත කොට වට්ස්ඇප් ජාලය මඟින් යවා ඇති බවයි.

අංක 45250 සහ 45263 අතර වූ ප්‍රශ්න පත්‍රය සැක­කා­රිය වෙත නිකුත් කොට තිබූ බව විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ සහ­කාර විභාග කොම­සා­රිස් සුභ්‍ය­ම­නි­යම් විශ්ව­නා­දන් මහ­තාගේ වාර්තා­වට අනුව සනාථ වන බව ද කියා සිටි­යේය.

පළමු වැනි විත්ති­කාර විශ්‍රා­මික පාසල් ගුරු­ව­රයා මහ­නු­වර ප්‍රදේ­ශයේ ටියු­ෂන් ගුරු­ව­ර­යකු ලෙස කට­යුතු කරන බවත්, ඔහුගේ වට්ස්ඇප් ජාල­යට එම ප්‍රදේ­ශයේ ටියු­ෂන් ගුරු­ව­රුන් 1064 දෙනකු සම්බ­න්ධව සිටින බවත් උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා වැඩි­දු­ර­ටත් කීවේය. එම විභා­ගය පෙර­වරු 8.50ට ආරම්භ වීමට නිය­මි­තව තිබූ බවත් සැක­කා­රිය පෙ.ව. 8.20 ප්‍රශ්න පත්තර කොටස් දෙක ඡායා­රූ­ප­ගත කොට පෙ.ව. 9.01ට මුදා හැර ඇති බවත් ඒ මහතා පැවැ­සු­වේය.

මෙහිදී වැඩි­දු­ර­ටත් කරුණු දැක්වූ ඒ මහතා හස­ලක ප්‍රදේ­ශයේ ටියු­ෂන් ගුරු­ව­ර­යකු පිළි­බ­ඳව විම­ර්ශන ආරම්භ කර ඇති බවත් එම විම­ර්ශන කට­යුතු අව­සන් වන­තුරු සැක­ක­රු­වන් රිමාන්ඩ් භාර­යට පත් කරන බවත්ය. මෙහිදී පළමු වැනි විත්ති­කරු වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ දසුන් නාග­ස්හේන මහතා කරුණු දක්වා සිටි­මින් මෙසේ කීවේය. 'පළමු වන විත්ති­කරු විශ්‍රා­මික පාසල් ගුරු­ව­ර­යෙක්. ඔහු මහ­නු­වර ප්‍රදේ­ශයේ පෞද්ග­ලික උප­කා­රක පන්ති පව­ත්ව­නවා.

ඔහුගේ වට්ස්ඇප් ජාලයේ සිටින අනෙ­කුත් ටියු­ෂන් ගුරු­ව­රුන්ගේ පහ­සුව සඳ­හායි ඔහු එම දුර­ක­තන ජාලය පව­ත්වා­ගෙන යන්නේ. මේ සිද්ධි­යේදී කිසිදු පාර්ශ්ව­ය­කට අග­ති­යක් සිදුවී නෑ. මහ­ජන කැල­ඹී­මක් ද ඇතිවී නෑ. ඕනෑම ඇප කොන්දේ­සි­යක් මත අස­නීප තත්ත්ව­යෙන් පසු­වන ඔහුව මුදා හරින ලෙස අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­නවා.'

දෙවන සැක­කා­රිය වෙනු­වෙන් කරුණු දැක්වූ නීතිඥ උපේන්ද්‍ර දිසා­නා­යක මහතා මෙලෙස පැවැ­සු­වේය.
'ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර ඡායා­රූ­ප­ගත කර මුදා හැරි බව ප්‍රකාශ කළත් ඒ වන­විට විභා­ගය ආර­ම්භවී සිසුන් ප්‍රශ්න පත්ත­ර­ව­ලට පිළි­තුරු ලිය­මින් සිට තිබෙ­නවා. යහ­පත් ජීවි­ත­යක් ගත කරන තම සේවා­දා­ය­ක­යාගේ එම දුර­ක­තන ජාලය පෞද්ග­ලික ඉංග්‍රීසි ගුරු­ව­රුන්ගේ පහ­සු­කම් සල­සන ජාල­යක්. ඕනෑම කොන්දේ­සි­යක් මත සැක­ක­රු­වන් මුදා හරි­න්නැයි ඉල්ලා සිටි­නවා.'

එම කරුණු සලකා බැලූ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සීලනී පෙරේරා මහ­ත්මිය විසින් ඔවුන් ඇප­මත මුදා හරිනු ලැබු­වාය.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT