Local

ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායම් එකට එකතු වෙලා සභාව පිහිටුවීම ප්‍රජාතන්ත්‍රවාදී නෑ - ටිල්වින්

Wednesday, 07 May 2025 - 5:14 pm

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව, ජාතික ජන බලවේගය කෙරෙහි ජනතාව පක්ෂයක් ලෙස විශ්වාසය තබා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ඒ අනුව, ජනතාව මාලිමාව කෙරෙහි තැබූ විශ්වාසය මත, පළාත් පාලන ආයතන භාරදිය යුත්තේ ජාතික ජන බලවේගයට බවට ජනතාව තීරණය කර ඇති බවත්, ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ සෑම පළාත් පාලන ආයතනයකම සභාව පිහිටුවීමට කටයුතු කරන බවයි අද (07) මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් ආරම්භ කරන ලද වැඩපිළිවෙළ ගම දක්වා ගෙන යාම ජාතික ජන බලවේගයට කළ හැකි බවද, රට තුළ සිදු කරන ලද එම වෙනස ගමටත් ගෙන යා යුතු බවද ඔහු ප්‍රකාශ කළා.

කිසියම් පළාත් පාලන ආයතනයක වැඩි මන්ත්‍රී සංඛ්‍යවක් ජාතික ජන බලවේගයට හිමිවූ පසු, ජනතාව විසින් අනුමත කර ඇත්තේ එම කණ්ඩායම බවත්, ඊට වඩා අඩුවෙන් ඡන්ද ලබාගත් පක්ෂ ජනතාව විසින් අනුමත කර නොමැති බවත්, ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බවත් ටිල්වින් සිල්වා සඳහන් කළා.

ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයන් සියල්ල එකතු වී ‘ජනතාව සිටින්නේ අපි සමඟ’ යැයි ප්‍රකාශ කළ නොහැකි බවත්, ඔවුන්ට වැඩි ඡන්ද සංඛ්‍යාවක් නොලැබීම යනු අදාළ පළාත් පාලන ආයතනයේ ජනතාව විසින් ඔවුන් ප්‍රතික්ෂේප කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එම කණ්ඩායම් සියල්ල එකතු වී සභාවක් පිහිටුවිමට කටයුතු කළහොත්, එය නීති විරෝධී නොවුන ද, ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවට සඳහන් කළ ටිල්වින් සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කණ්ඩායම් විසින් තමන් දිනූ බවට ගණිතමය වශයෙන් පෙන්වීමට උත්සාහ කරන බවයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT