Local

ජනතාවට අසීමිත බරක් පටවා තිබෙන IMF කොන්දේසි ලිහිල් කර ගන්න සාකච්ඡා කරනවා -විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Saturday, 17 August 2024 - 8:57 am

ජනතාව මත අසීමිත බරක් පටවා තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ලිහිල් කර ගැනීම සඳහා සාකච්ඡා පවත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනපතිවරණය සඳහා නාමයෝජනා භාර දීමෙන් පසු ඊයේ (16) පෙරවරුවේ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට මහනුවරට පැමිණි විපක්ෂ නායකවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව පැවසුවේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ ද පැවසීය.

ජාති, ආගම් හා පක්ෂ භේදයෙන් තොරව ජනතා කේන්ද්‍රීය විශිෂ්ට රාජ්‍ය සේවයක් ක්‍රියාත්මක කිරීමට තමන් ඇප කැප වෙනවා.

දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැ දැක ආශිර්වාද ලබා ගත් සජිත් ප්‍රේමදාස මහතා මහනුවර නාථ දේවාල පරිශ්‍රයේ දී මහා සංඝරත්නය පවත්වන ජය පිරිත් සජ්ඣායනයකට ද එක් විය.

බාර් පර්මිට් ඇතුළු විවිධ වරප්‍රසාද ලබා දෙමින් පුද්ගලයන් දිනා ගැනීමේ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් තමන් බලයට පත්වීමෙන් පසු දේශපාලන සූදුකාරී සංස්කෘතියට නැවතීමේ තිත තබන බවත් පැවසුවේය.

ජනතාව දුකින් මුදාගෙන සමෘද්ධිමත් මෙන්ම නීතිගරුක රටක් බිහි කිරීම තම අරමුණ බව ද හෙතෙම අවධාරණය කළේය. ජනතාව මත හැකි තරම් බර පටවා දැන් රට සාමාන්‍යය තත්ත්වයට පත්ව ඇතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා. මෙය නව සාමාන්‍ය කරන තත්ත්වයක්. නිෂ්පාදන ආර්ථිකය කඩා වැටී ආයෝජන හා ඉතිරි කිරීම් සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ ජනතාව අසරණ තත්ත්වයට පත්ව සිටිනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT