Local

වාහන ආනයනයට කිසිම සූදානමක් නෑ.. බැංකුවලට කිසිම දැනුම් දීමක් නෑ..

Wednesday, 09 October 2024 - 10:48 am

ඔක්තෝබර් මාසයේ සිට වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමට සූදානම් බවට මීට පෙර රජය පැවසුවත් ඒ පිළිබඳව නිශ්චිත තොරතුරක් නැති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ප්‍රසාද් මානගේ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ඔක්තෝබර් 01 සිට බස් හා ලොරි රථ ආනයනය කිරීමට ඉඩ දෙන බවට රාවයක් යන නමුත් එවැනි කිසිදු චක්‍රලේඛයක් හෝ කිසිදු පිළිගත හැකි ලියවිල්ලක් රජයේ ආයතනයකින් ආනයන පාලක හෝ බැංකු වෙත යවා ඇති බවය.

වාහන ආනයනය කිරීමට වර්තමාන රජය කිසිදු තීන්දුවක් ගෙන නැති බව රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් තම සංගමයට දැන ගැනීමට හැකි වූ බවත් ඔහු පැවැසීය.

මීට පෙර 2020 වාහන ආනයන කළ කාලයේ වූ මිලට නැවත වාහන ආනයන කිරීමට හැකි බවක් විශ්වාස කළ නොහැකි යැයිද ඒ මහතා පැවැසීය.

මේ අනුව වාහන ආනයන කළත් මිල ගණන්වල විශාල පහත යෑමක් නොවනු ඇති බවත් ඔහු කීය.

පසුගිය 2020 ට වඩා රුපියලට සාපේක්ෂව ඩොලරය සියයට 80කින් පමණ අතිප්‍රමාණය වීම මීට හේතුව බවත් ඔහු පැවැසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT