Local

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය රැස්වීම් තුනක් මඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ අදහස් විමසයි

Wednesday, 22 May 2024 - 8:02 am

ජනවාර්ගික ගැටුම් සහ යුද්ධයෙන් පසුව ඇති වූ ප්‍රතිවිපාක සම්බන්ධයෙන් සංවාදයක් ගොඩනැගීම සහ ඒ සඳහා අවධානය යොමු කිරීමේ උත්සාහයක් ලෙස, සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) කොමිෂන් සභාව විසින් පසුගියදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලද රැස්වීම් තුනක් හරහා පාර්ශවකරුවන්ගේ අදහස් විමසීම සිදු කරන ලදී.

රාජ්‍ය නිලධාරීන්ගේ සිට බිම් මට්ටමේ සංවිධාන දක්වා සමාජයේ පුළුල් පරාසයක පිරිසක් සහභාගී වූ මෙම සාකච්ඡාවේදී රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ බිම් මට්ටමේ සංවිධානවල සාමාජිකයන් ඇතුළු පිරිසගේ අදහස් ලබා ගැනීම සිදු කෙරිණි.

සංහිඳියා ක්‍රියාවලියේදී දේශීය ඉදිරි දර්ශනවල වැදගත්කම පිළිබඳ ගාල්ල දිස්ත්‍රික් වැඩබලන ලේකම් සී.පී.රාජකරුණා මහත්මිය සහ දිස්ත්‍රික් පරිපාලනය විසින් මෙහිදී කරුණු අවධාරණය කරන ලදී.

කොමිෂන් සභාවේ ප්‍රගතිය, විනිවිදභාවය සහතික කිරීම සහ මහජනතාව දැනුවත් කිරීම පිළිබඳව ප්‍රාදේශීය වාර්තාකරුවන් දැනුවත් කිරීම ද සිදු කෙරිණි.

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ පළාත් සභාවල දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් මෙහිදී ඒකාබද්ධ පළාත් උපාය මාර්ගවල අවශ්‍යතාව අවධාරණය කරමින් පිරිස වෙත ඒ පිළිබඳ අවබෝධයක් ලබා දෙන ලදී.

හිටපු හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ප්‍රජා පාර්ශ්වකරුවන් විසින් සමාජ දුක්ගැනවිලි විසඳීම සඳහා අත්‍යවශ්‍ය වන බිම් මට්ටමේ ක්‍රියාකාරකම් පිළිබඳ ව ප්‍රධාන වශයෙන් කරුණු ඉදිරිපත් කළේය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සිට සමාජ සුබසාධනය සහ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටීම දක්වා වූ ප්‍රධාන කරුණු මෙහිදී සාකච්ඡා කෙරිණි. කොමසාරිස්වරුන් තෝරා ගැනීමේදී කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම සඳහා මෙන්ම වැන්දඹු කාන්තාවන් සඳහා දීමනා හා වැටුප්වලින් 50%ක අයිතියක් සහිතව නැවත විවාහ වීම සඳහා සහන සැලසෙන අයුරින් නීති සංශෝධනය කිරීම සඳහාද යෝජනා ඉදිරිපත් විය.

මීට අමතරව, ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ප්‍රමාණවත් සහයෝගයක් නොලැබීමෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල විවිධ ගැටළු විසඳීම සඳහා වන අවශ්‍යතාව ද අවධාරණය කෙරිණි.

ජාතික සංහිඳියා න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමේදී සමාජයේ සියලුම කොටස්වල සාමූහික වගකීම අවධාරණය කරමින්, සුවය, සංහිඳීයාව සහ තිරසාර සාමය පෝෂණය කිරීම සඳහා කොමිසම සතු හැකියාව පිළිබඳ අදහස් විමසීම් සාර්ථක ලෙස අවසන් කෙරිණි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රංජිත් ආරියරත්න, සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අසංග ගුණවංශ, සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලයේ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානී ආචාර්ය යුවි තංගරාජා, විධායක නිලධාරී (මහජන සම්බන්ධතා) දනුෂි ද සිල්වා සහ සෞම්‍යා වික්‍රමසිංහ, සම්බන්ධීකාරක සරත් කොතලාවල, ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී (නීති) වයි.එල්. ලොකුනාරංගොඩ සහ අන්තර්වාර ලේකම් කාර්යාලයේ මහජන සම්බන්ධතා හා ප්‍රතිපත්ති අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT