Local

ජනාධිපතිවරණයේදි සජිත් 80%ක් ගන්නවා..

Friday, 30 August 2024 - 11:32 am

ජනාධිපතිවරණයේදි සමගි ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතුකරයේ ජනතාවගේ 80% ජන්ද ප්‍රතිශතයක් ලැබෙන බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එම්.උදයකුමාර් මහතා පැවසිය.
එම්.උදයකුමාර් මහතා ඒ බැව් කියා සිටියේ හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදිය.
මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු එම්.උදයකුමාර් මහතා කියා සිටියේ වතු කම්කරුවන්ට බොරු පොරොන්දු ලබා දි මෙවර ජනාධිපතිවරණයේදි කිසිවෙකුටත් ජන්දය ලබාගත නොහැකි බවයි.
වත්මන් ජනාධිපතිවරයා විසින් විශාල ලෙස බොරු පොරොන්දු ලබා දි වතුකරයේ ජනතාවගේ ජන්දය ලබා ගැනිමට උත්සහ කරමින් සිටින බවත්, ඒ පිලිබදව වතුකරයේ ජන්ද දායකයන් දැඩි ලෙස විමසිල්ලෙන් පසුවන බවයි එම්.උදයකුමාර් මහතා කියා සිටියේ.
ජනාධිපතිවරණයේදි මත්පැන් බලපත්‍රවලට, මුදල සහ වරප්‍රසාද වලට ලොල් වි ඇතැම් මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයා සමග එක්වන බවත්, එම මන්ත්‍රිවරුන්ට සැලකිය යුතු තරම් ජන්ද ප්‍රතිශතයක් නොතිබෙන බවත්, එම මන්ත්‍රිවරුන්ට ඉදිරියේදි පැමිණෙන මහ මැතිවරණයේදි අන්ත පරාජයක් අත්වන බවයි එම්.උදයකුමාර් මහතා මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් කියා සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT