Local

ඉඩමක් ඉල්ලා උඩරට කඳුකර දමිළ ජනතාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි

Thursday, 18 January 2024 - 3:37 pm

ඉඩමක් ඉල්ලා නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ ප්‍රදේශයේ ජනතාව තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලට ගොස් තමන්ට ඉඩමක් ලබාදෙන මෙන් ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ලිඛිත ලියුම් ලබාදෙමින් ඉල්ලීම් කිරීම සිදු විය .

එම ජනතාව පවසන්නේ තමන්ගේ පරම්පරාව ලංකාවේ වසර දෙසීයක් වන මේ මොහොත වන විටත් තමන්ට ඉඩම් අයිතියක් නොමැති අතර එම නිසා විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවී ඇති බවත්ය.

ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ නායක කේ. අර්ජුන මහතා ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක රාමසාමී ආනන්ද බාබු මහතා ඇතුළු සමාජ ක්‍රියාකාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.

එහිදී ප්‍රජාතන්ත්‍රවාදී තරුණ කොංග්‍රසයේ නායක කේ අර්ජුන මහතා අවසා සිටියේ උඩරට දමිල ජනතාව ලංකාවට පැමිණ වසර දෙසීයක් සමරන මේ මොහොත වන විටත් ඔවුන්ට ඉඩම් අයිතියක් ලැබී නොමැති බවත් සියලුම දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේදී ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳව කතා කරත් එම අයිතිවාසිකම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් නොකරන බවත් එම නිසා එම ජනතාවගේ ඉඩම් අයිතිය දිනා ගැනීම වෙනුවෙන් කඳු රටින් තැබූ පළමු පියවර මේ බවත්ය. මෙම ඉඩම් ගැටලුව ලිඛිතව ඉඩම් ඇමති,ඉඩම් කොමසාරි,සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලිඛිතව දැනුවත් කරන බවත් ඔහු පවසා සිටියේය.

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT