Local

මාලිමා ආණ්ඩුවෙන් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස..- අනුර

Friday, 30 August 2024 - 12:34 pm

ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට ජාතික ජන බලවේග රජයක් වඩාත් කැමති බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජාතික ජන බලවේගයේ සංචාරක ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සව සභාව අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

‘අපි අපේ ගුවන්තොටුපොළේ නවීකරණයක් සිදු කළ යුතුයි. කටුනායක ගුවන්තොටුපොළ නවීකරණය කිරීමට පැමිණි ආයෝජකයන් එය දාලා ගියේ ඇයි කියලා හැමකෙනෙක්ම දන්නවා.

අපි ප්‍රතිපත්තියක් ලෙස ජාතික ගුවන් සේවයට පක්‍ෂපාතී වන අතර, දැන් අපට ශ්‍රීලංකන් පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා.

එය රජයේ තබාගෙන වර්ධනය කරන්න පුළුවන්ද. රජය සහ කළමනාකරණ හැකියාව තිබෙන සමාගමක් එක් කරගෙන ඒකාබද්ධව මෙහෙයවන්න පුළුවන්ද. නැත්නම්, මුළුමනින්ම අත්හැර දමනවාද යන විකල්ප තුන අප හමුවේ තිබෙනවා.

එයින් අප වඩාත් කැමැති ජාතික ගුවන් සේවය රජය සහ පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යන්නයි’


Top Stories
wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT