Local

මාලිමාවෙන් ලෝකෙට ණය දෙන චීන EXIM බැංකුව වගේ බැංකුවක්..

Sunday, 01 September 2024 - 12:30 pm

ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අලුතෙන් ආයතන 15 ක් හදන්න යෝජනා කරනවා. අනෙක් පැත්තෙන් කියනවා, රාජ්‍ය සේවය පුළුල් කිරීම නවත්වනවා කියලා. අලුත් බදවා ගැනීම් අඩු කිරීමට කටයුතු කරනවා කියලා. මේක හරියට ජේවීපී සහ එන්.පී.පී. වගේ. වම් අත කියන්නේ කරන්නේ මොකක්ද කියලා දකුණු අත දන්නේ නෑ. යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහණී කවිරත්න පැවසුවාය.

කොළොන්නාවේ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා විසින් සංවිධානය කළ ජන හමුවක් ඇමතු කවිරත්න මහත්මිය තවදුරටත් පැවසූවේ,

‘ජාතික ඉඩම් කවුන්සිලය, ක්වාසි අධිකරණ කවුන්සිලය, ආයෝජන භාරය, ජාතික කර්මාන්ත බුද්ධි මණ්ඩලය, ආනයන අපනයන බැංකු (එක්සිම් බැංකුව) පවා හදනවා ලු.

රටේ විදේශ විනිමය තියෙන්නේ ඩොලර් බිලියන 5 යි. ආයෝජනය කරන්න නෙවෙයි, ණය, පොලිය ගෙවන්න මුදල් හොයාගන්න එක තමයි තියෙන අභියෝගය. සිංගප්පුරුව, කටාර්, සෞදිය, ඩුබායි වගේ රටවල්වල අතිරික්ත ධනය විදේශයන්හි ආයෝජනය කරන්න හදලා තියෙන ව්‍යුහය ලංකාවට ගේනවා.

අපිට ණය දෙන චීනයේ, කොරියාවේ ආනයන අපනයන බැංකුව වගේ (එක්සිම් බැංකුවක්) හදනවා ලූ. මේක තමයි නියම කෑල්ල.

අපි චීනයේ, ජපානයේ, ඉන්දියාවේ බැංකුවලට යනවා ණය ගන්න. මූල ධනයක් නැතුව බැංකු හදන්න පුළුවන්ද?

ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඔවුන් රාජ්‍ය පාලනය ගැන පොතේ දැනුම මිසක් කිසිම ප්‍රායෝගික දැනුමක් නැති බව ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. පෙන්නලා දීලා තියෙනවා.

හැම කි.මි. 2 ට කට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් හදන්න ලංකාවේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන කීයක් හදන්න ඕනි ද? දැනටමත් ලංකාවේ තිබුණ දිවා සුරැකුම් මධ්‍යස්ථාන දරුවෝ නැතිව වැහිලි යමින් තියෙනවා.

හැම කි.මි. 3 කට පාසලක් හදන්න නම් ලංකාවේ අලුතෙන් පාසල් කීයක් හදන්න අවශ්‍ය ද?

ලංකාවේ ජනගහනය අඩු වෙමින් යනවා. මිය යන සහ විදේශගතවන ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තමයි අලුත් දරු උපත් සිදු වෙන්නේ. මේ හදන පාසල්වලට අලුතෙන් දරුවෝ හදන ව්‍යාපෘතියකුත් හදන්න වෙනවා.

මේ ලැයිස්තුව හදලා තියෙන්නේ සමස්තයක් විදිහට රට ගැන කිසිම අවබෝධයක් නැතිව, රාජ්‍යකරණය ගැන කිසිම අවබෝධයක් නැති හුදෙකලා ආචාර්ය මහාචාර්ය සෙට් එකක්. මේ කියන දේවල් කලොත් රට ආය බංකොලොත් වෙන එක වලක්වන්නට බෑ.

මේ යෝජනා දෙකට විතරක් අවම වශයෙන් රු. බිලියන 3 ක් අලුතෙන් අවශ්‍යයි. මේ මුදල් හොයා ගන්නේ කොතැනින් ද? කියලා අහන අහන සැරයට ඒ අය කියන්නේ ඡන්දේ දීලා බලන්න. අපි කරලා පෙන්නනම් කියලා.

ඔහොම කියපු හාදයෙක් 2019 ත් හිටියා. ගෝඨාභය රාජපක්ෂ කියලා. එයා ගෙන් ආර්ථිකය ගැන ප්‍රශ්න අහනකොට කිව්වේ ‘මගෙන් විතරක් නෙවෙයි, අනික් අයගෙනුත් ප්‍රශ්න අහන්නකෝ කියලා‘

ආණ්ඩු කරන්න දක්ෂයෝ නැති තැනක සම්පූර්ණයෙන් රට බිදෙනවා. මතකනේ ගෝඨාභය නිසා වෙච්ච දේ,

එක සැරයක් මැදමුලනේ ගෝඨාබයට රැවටුණා. ආයෙත් සැරයක් තඹුත්තේගම දෙවන ගෝඨාභය ට රැවටෙනවා ද?

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ‘ණය ප්‍රතිව්‍යහගතකරණය කරන්න කරන සාකච්ඡා‘ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.

භාරකාර ආණ්ඩුව මොකක්ද, ඒක කරන්න කොහොමද කියලා නොදන්න සුනිල් හඳුන්නෙත්ති තමයි එයලගේ මුදල් ඇමති.

මන්ත්‍රී විජිත හේරත් ලා ගිහිල්ලා කරන සාකච්ඡා හිතන කොටත් හිනා යනවා. කපුටාස් හිට් ද ප්ලේන් 2 තමයි.

අනික් කතාව- මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොලී අනුපාත ආණ්ඩුව මැදිහත්වෙලා වෙනස් කරන්න කතා කරනවා. වෙන වචන වලින් කිව්වොත් සල්ලි අච්චු ගහන්න යෝජනා කරනවා. මහ බැංකුව පටන් ගත්ත දවසේ ඉදන් 2019 දක්වා සල්ලි අච්චු ගහපු ප්‍රමාණය වගේ 80 ගුණයක් ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල් අච්චු ගැහුවා. ඒ නිසා තමයි බඩු මිල රොකට් වගේ උඩ ගියේ. මතකනේ මාස දෙකට දෙගුණයකින් විතර සන්ලයිට් කෑල්ල දෙගුණයකින් වැඩි වුණා. කිරිපිටි පැකට් එක තුන් ගණයකින් වැඩි වුණා. ආයෙත් ඒ තැනට යන්න බෑ.

එක සැරයක් මැදමුලනේ ගෝඨාභයට රැවටිලා පාඩමක් ඉගෙන ගත්තා. ආය සැරයක් තඹුත්තේගම දෛවන ගෝඨාභයට රැවටෙන්නේ නැතුව වැඩ කරන්න පුළුවන් පිරිසක් පාලකයින් බවට පත් කර ගත යුතුයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT