Local

මූල්‍ය වංචාවට අත්අඩංගුවට ගත් යුවළ රිමාන්ඩ්

Sunday, 28 January 2024 - 6:32 pm

ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ ජනතාවගෙන් රුපියල් කෝටි 500ක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවළ රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

සැකකරු සහ සැකකාරිය අද (28) කහටගස්දිගිලිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇත.

එහිදී නියෝග කර ඇත්තේ ඔවුන් එළැඹෙන 5වනදා දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කිරීමටය.

වැඩි පොලියක් ලබාදෙන බව පවසා ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ ජනතාවගෙන් රුපියල් කෝටි 500ක් වංචා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු හා ඔහුගේ අනියම් බිරිඳ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත්තේය.

එම පුද්ගලයා මුදල් වංචා කර ඇත්තේ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ 'ට්‍රෙඩ්වින් ෂෙයාර්' නම් පීරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමිනි.

මුදල් වංචා කිරීමෙන් පසු මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ සිය අනියම් බිරිඳ සමග රැඳී සිට ඇති ඔහු ජනතාවගෙන් වංචා කළ මුදලින් ඉඩකඩම්, වාහන මිලදීගෙන අධි සුඛෝපභෝගි ජීවිතයක් ගත කර ඇති බව වාර්තා වෙයි.

එසේම අනියම් බිරිඳගේ නමින් රුපියල් ලක්ෂ 80ක් ස්ථිර තැන්පතුවක්ද පවත්වාගෙන ගොස් තිබේ.

ඒ අනුව ඔහුගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගැනුණේ වංචා කළ මුදල් ආයෝජනය කිරීමේ චෝදනාව මතය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT