Local

රට ඉදිරියට ගෙනයාමට ජාතික උපායමාර්ගික සැලසුම් අධිකාරියක්

Monday, 16 September 2024 - 9:19 am

රට ඉදිරියට යාමට අවශ්‍යනම් ඒ සඳහා ජාතික උපාය මාර්ගික සැලසුම් අධිකාරියක් අවශ්‍ය බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඊයේ (15) දෙරණ 360 වැඩසටහනට සහභාගී වෙමින් ඔහු පැවසුවේ අමාත්‍යවරුන් විසින් ගන්නා ලද සිතැඟි තීරණ හේතුවෙන් මෙරට මේ වනවිට විශාල ණය කන්දක සිර වී සිටින බවයි.

මේ හේතුවෙන් අමාත්‍යාංශයක් තීරණයක් ගැනීමට පෙර ඒ ගැන සාකච්ඡා කිරීම කළ යුතු බවත් ඒ සඳහා විද්‍යාර්ථයින් සහ විශේෂඥයින් ඇතුළත් ජාතික උපාය මාර්ගික සැලසුම් අධිකාරියක් අත්‍යවශ්‍ය බව ඔහු එහිදී පැවසීය.

'අපි යෝජනා කරනවා ජාතික උපාය මාර්ගික සැලසුම් අධිකාරියක්. මේ තුළින් තමයි තීන්දු තීරණ ගන්නේ.

මේ පිළිබඳ විශාල සංවාදයක් නැහැ. අපි යෝජනා කරන මේ ජාතික උපායමාර්ගික සැලසුම් අධිකාරියට අපි යෝජනා කරලා තියනවා මේ රටේ විද්‍යාර්ථයින්, විශේෂඥයින්.  

අමාත්‍යාංශයක් තීරණයක් ගන්න කලින් ඒක ගැන සාකච්ඡා වෙන්නට ඕන ඒ සියලු අමාත්‍යාංශ නියෝජනය වෙන පිරිස තුළින් ඒ තීරණය ගන්න කොට ඒක මේ රටට බලපාන මුදල් පැත්තෙන්, පරිසරය පැත්තෙන්, දරුවන්ගේ පැත්තෙ, ‍දේ සාකච්ඡා වෙලා තමයි ඒ තීරණය ගන්න ඕන කියන එක තමයි යෝජනා කරලා තියන්නේ. 

අපි මේ තුන්වැනි ලෝකේ රට අඟලක් හරි ඉස්සරහට යන්න නම් මේ ජාතික උපායමාර්ගික සැලසුම් අධිකාරිය අත්‍යාවශ්‍යයි  කවුරු රජයක් ගත්තත්. එහෙම නැතිව හුදු අමාත්‍යවරයෙකුට තමන්ගේ සිතැඟි තීරණ අරගෙන කටයුතු කරන්නට දීම නිසා තමයි අද අපි මේ විශාල ණය කන්දක හිරවෙලා තියන්නේ.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT