Local

නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයට ජනපති එක් වෙයි

Sunday, 14 April 2024 - 6:16 pm

නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ හා නුවරඑළිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය (14) දිනය පුරා මීපිළිමානේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්රමසිංහ ද එම අවස්ථාවට එක්විය.

පැරණි සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබූ මෙම අලුත් අවුරුදු උත්සවය සාම්ප්රදායික ක්රීඩා අංග රැසකින් සමන්විත වූ අතර සංස්කෘතිකාංග රැසකින්ද වර්ණවත් විය.

අද පෙරවරුවේ අවුරුදු උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්රමසිංහ අවුරුදු තරග කිහිපයක් නැරුඹූ අතර, පෙරවරුවේ පැවැති බක්මහ පාපැදි තරගයේ ජයග්රාහයකයන්ට ත්යාග ලබාදීමද ජනාධිපතිපතිවරයා අතින් සිදුවිය.

අවුරුදු උත්සවයට පැමිණි මීපිළිමාන ප්රදේශයේ ජනතාව සමඟ ජනාධිපතිවරයා සුහද පිළිසඳරක නිරතවූ අතර එම ජනතාව ඉදිරිපත් කළ ගැටළු වලට විසඳුම් ලබාදෙන බවද පැවසීය.

මීට සමගාමීව දිවයින පුරා බොහෝ ප්රාදේශීය ලේකම් කාර්යාල සහ ජනතාව එකතුව මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් අවුරුදු උත්සව රැසක් සංවිධානය කර ඇත.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර වැඩි අවුරුදු උත්සව ප්රමාණයක් සංවිධානය කර තිබීමද කැපීපෙනෙන තත්ත්වයකි.

මීපිළිමාන අවුරුදු උත්සවය සඳහා සංචාරක හා ඉඩම්, ක්රීඩා හා යෞවන කටයුතු අමාත්ය හරීන් ප්රනාන්දු සහ ප්රාදේශීය දේශපාලනඥයින් පිරිසක් ද එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT