Local

“උරුමය” වැඩසටහන කිසිසේත්ම දේශපාලන වැඩසටහනක් නොවේ – සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ

Saturday, 27 July 2024 - 9:44 am

  • වසර දෙකක් තුළ මෙරට ක්‍රියාත්මක විප්ලවකාරී වැඩසටහන ‘උරුමය’ වැඩසටහනයි – ඉඩම් කොමසාරිස් ජනරාල්.
  • ඉඩම් හිමිකම් නිරවුල් කිරීම උතුරු/ නැගෙනහිර 70% ක් සහ අනෙකුත් පළාත්වල 99% ක් අවසන් – ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්.
  • සියලු ඉඩම් හඳුනා ගැනීමත් එම ඩිජිටල් දත්ත පද්ධතියකට ඇතුලත් කිරීමත් සිදු කර අවසන් – ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති.
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඉඩම් පරිහරණ සැලසුම් සකස් කිරීම අවසන් කර තිබෙනවා- ඉඩම් පරිහරණ හා ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්.
  • වැටුප් ලබා ගනිමින් සේවයෙන් බැහැරව නොසිට රාජකාරියට වාර්තා කරන ලෙස රජයේ මිනින්දෝරු සංගමයෙන් ඉල්ලා සිටිනවා – සර්වේයර් ජනරාල්.

සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” වැඩසටහන කිසිසේත්ම දේශපාලන වැඩසටහනක් නොවන බවත් එබැවින් මැතිවරණ පැවැත්වෙන කාලයන්හි වුවද අඛණ්ඩව එම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය.

උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීම වසර දෙකක් තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මෙසේද පැවසීය,

මෙම දෙවසර තුළ මෙරට ජනතාවට වඩාත්ම වැදගත් වූ වැඩසටහන වන සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” වැඩසටහන, අප අමාත්‍යංශය යටතේ සිදු කෙරෙනවා. මෙම වැඩසටහන තුළින් වසර දෙකක කාලයක් තුළ ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබා දීමට අපේක්ෂා කරනවා. මේ වන විට ඒ සඳහා ලක්ෂයකට වැඩි අයදුම්පත් ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

උරුමය වැඩසටහන අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වන අඛණ්ඩ වැඩපිළිවෙලක් බවද පැවසිය යුතුයි. මේ වන විට ක්‍රියාත්මක වන්නේ එහි පළමු අදියරයි. මෙය කිසි සේත්ම දේශපාලන වැඩසටහනක් නොවෙයි. මැතිවරණ පවත්වන කාලවලදී වුවත් මෙම ඉඩම් ඔප්පු ලබා දීම සිදු කෙරෙනවා. නමුත් ඊට කිසිදු දේශපාලන මැදිහත් වීමක් සිදු වන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම් හරහා සිදු කෙරෙන වෙනත් සේවාවන් පරිදිම ඔප්පු ලබා දීමද සිදු වෙනවා. එබැවින් මැතිවරණයකට දින නියම කිරීම මෙම වැඩසටහන නවත්වන්න හේතුවක් වෙන්නේ නැහැ. කිසිම මැතිවරණ නීති උල්ලංඝණයක් මෙම වැඩසටහනින් සිදු වන්නේ නැහැ. ඒ මෙම සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම ප්‍රසිද්ධ වේදිකාවල හෝ දේශපාලනඥයින්ගේ සහභාගීත්වයෙන් මැතිවරණ කාල සීමාව තුළ සිදු නොවන නිසයි. ඉඩම් ඔප්පු ලබා දීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා අදාළ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් දිරි දීමනා ලබා දීමද අනුමත කර තිබෙනවා.

ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහ මහතා,

වසර දෙකක් ඇතුළත මෙරට ක්‍රියාත්මක විප්ලවකාරී වැඩසටහන ‘උරුමය’ වැඩසටහනයි. මෙම උරුමය වැඩසටහන මඟින් සින්නක්කර ඔප්පු ලබා දීමක් සිදුවන නිසා මෙරට ජනතාවට ඔවුන්ගේ ඉඩම් නිරවුල්ව භුකිත් විඳීමට අවස්ථාව හිමි වෙනවා. මෙය අලුතින් ලබා දෙන ඔප්පුවක් නොවෙයි. මෙහිදී සිදු වන්නේ මෙතෙක් කල් ඉඩම් සඳහා ලබා දී තිබූ ජයභූමි , ස්වර්ණභූමි බලපත්‍ර වෙනුවට සින්නක්කර ඔප්පු ජනතාවට ලබා දීමයි.

මේ සඳහා මේ වන විට අයදුම්පත් එක් ලක්ෂ දෙදහසක් පමණ ලැබී තිබෙනවා. ඒ අතරින් අද වන විට සින්නක්කර ඉඩම් ඔප්පු 20,000 ක් පමණ ලබා දී ඇති අතර මෙම වර්ෂය අවසාන වන විට, සින්නක්කර ඉඩම් ඔප්පු 50,000 ක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

මීට අමතරව, ඉඩම් විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීම, ආයෝජකයන් දිරිගැන්වීම සඳහා රජයේ ඉඩම් දීර්ඝකාලීන බදු දීමේ දී ක්‍රියාත්මක ක්‍රමවේදය සංශෝධනය කිරීමද සිදු කරමින් පවතිනවා.

සර්වේයර් ජනරාල් ඩබ්. සුදත් එල්. සී. පෙරේරා මහතා,

මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් අධිවේගී මාර්ගයට අදාළ මැනුම් කටයුතු, උරුමය වැඩසටහනට අදාළ රේඛාචිත්‍ර පිළියෙල කිරීම, බිම් සවිය වැඩසටහනට අදාළ කැඩැස්තර සිතියම් පිළියෙල කිරීම, පුනර්ජනනීය බලශක්ති සහ අනෙකුත් විදුලිබල ව්‍යාපෘති සඳහා මැනුම් කටයුතු ආදී වැඩකටයුතු රැසක් මේ වසර දෙක තුළ සිදු කර තිබෙනවා. ඒවගේම ඉදිරියේ දී, මහජනතාවට සහ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වෙත වෙබ් සේවාවක් හරහා ඉඩම් – සිතියම් තොරතුරු ලබා දීම (LAS / LISS ව්‍යාපෘතිය ) සඳහාද සැලසුම් කර තිබෙනවා.

මේ අතර රජයේ මිනින්දෝරු සංගමය විසින් මාර්තු මාසයේ අග භාගයේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. ඔවුන් ගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා දෙපාර්තමේන්තු හා අමාත්‍යංශ මට්ටමින් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. නමුත් සියලු ඉල්ලීම් එකවර ඉටු කළ නොහැකි බව ඕනෑම අයකුට තේරුම් ගැනීම අපහසු නැහැ. ඔවුන් මාස ගණනක් වැටුප් ලබා ගනිමින් සේවයෙන් බැහැරව සිටිනවා. ඊයේ (24) දිනයේදීත් අප අමාත්‍යාංශ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී වෘත්තීය ක්‍රියාමාර්ගය නවතා සේවයට වාර්තා කරන ලෙස නැවතත් ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. ඒ වගේම මේ අවස්ථාවේදීත් මම ඉල්ලා සිටින්නේද වර්ජනය නවතා සේවයට වාර්තා කර රාජකාරි කටයුතුවලට සහාය වන ලෙසයි.

ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් චන්දිමා සිගේරා මහත්මිය,

මහජනතාව උදෙසා නිරවුල් බිමක අයිතිය තහවුරු කිරීම ඉඩම් හිමිකම් නිරවුල් කිරී‍මේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය වනවා. ඒ අනුව ඉඩම් හිමිකම් විමර්ශනය කර ඉඩම් සඳහා නිරවුල් හිමිකම තහවුරු කර ඒ සඳහා විධිමත් හිමිකම් සහතිකයක් ලබා දීමේ ” බිම් සවිය වැඩසටහන ” අප විසින් ක්‍රියාවට නංවනු ලබනවා.

එසේම ඉඩම් නිරවුල් කිරීමේ ආඥාපනත යටතේ මේ වන විට, දිවයිනේ උතුරු හා නැගෙනහිර යන පළාත්වල 70% ක් ද, අනෙකුත් පළාත්වල 99% ක් ද, ඉඩම් හිමිකම් නිරවුල් කිරීම අප විසින් සිදු කළා. තවද බිම් සවිය වැඩසටහන මඟින් පුද්ගලික ඉඩම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා කැඩැස්තර සිතියම් පිළියෙල කර 1 හා 2 පන්තියේ හිමිකම් සහතික මේ වන විට 1,000,000 ක් පමණ නිකුත් කර තිබෙනවා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද මහතා,

පසුගිය දෙවසරක කාලය තුළ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් සියලු ඉඩම් හඳුනා ගැනීම සහ ඩිජිටල් දත්ත පද්ධතියකට ඇතුලත් කිරීම සිදු කරනු ලැබුවා. එසේම යාවත්කාලීන ඉඩම් ලේඛනයක් මත පවතින ඉඩම් ඔප්පු සැකසීමේ හා කළමනාකරණ කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට මුලික ක්‍රමවේදයක් සැකසීමද සිදු කර තිබෙනවා.
මීට අමතරව පවතින නඩු සමථ කරගැනීම සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් සකස් කර නඩු සමථ කරගැනීමට කටයුතු කිරීමත් අනවසර සන්තකය දරන්නන් සඳහා කඩිනමින් නඩු පැවරීම සහ නෛතික ක්‍රියාමාර්ග ගැනීමටත් අප කටයුතු කළා.

මේ අතර ඉඩමක වර්තමාන වටිනාකම තක්සේරු වන පරිදි චක්‍රලේඛය සංශෝධනය කිරීමත්, බදු ආදායම එකතු කිරීම කාර්යක්ෂම කිරීමත් දෙවසරක කාලය තුළ සිදු කළ වඩාත් ඵලදායි සේවාවන් ලෙස දැක්විය හැකියි.

ඉඩම් පරිහරණ හා ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දේවිකා ගුණවර්ධන මහත්මිය
ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ශ්‍රී ලකාවේ ජාතික ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ජාතික ඉඩම් පරිහරණ සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීමයි.

ඒ අනුව පසුගිය දෙවසර තුළ ජාතික ඉඩම් පරිහරණ සමීක්ෂණය සිදු කිරීම සහ දත්ත සම්පාදනයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඉඩම් පරිහරණ සැලසුම් සකස් කිරීමත් අවසන් කර තිබෙනවා. එසේම ග්‍රාමීය හා ක්ෂුද්‍ර ජලපෝෂක මට්ටමින් ඉඩම් පරිහරණ සැලසුම් සකස් කිරීමද පස හා ජල සංරක්ෂණය තුළින් ඌණ පරිහරණ කෘෂිකාර්මික බිම්වල ඵලදායීතාවය ඉහළ නැංවීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ද අපගේ දෙපාර්තමේන්තුව විසින් සිදු කර තිබෙනවා. ඉඩම් යෝග්‍යතාවයට අදාල වාර්තා ලබා දීම කඩිනම් කිරීමට අමතරව විද්‍යාත්මක ඉඩම් පරිහරණ සැලසුම්කරණය පිළිබඳ ප්‍රජා, පාසැල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමටත් අප කටයුතු කරනු ලැබුවා.


Top Stories
wedivistara

රනිල්ට අනුරට හීනෙන්වත් හිතන්න බැරි ඩොලර් කන්දක් මාතෘ භූමියට ගේනවා.. ණය නොවේ තනිකරම ආධාර…

wedivistara

අනුර ජයග්‍රහණය කල පසු රට ගොඩනැගීම ඔහුගේම පමණක් කාර්යයක් නොව මෙරට සියලු පුරවැසියන්ගේ ඒකාබද්ධ කාර්යයක්...

wedivistara

රනිල්ට එරෙහිව සිරිකොතෙන් කුමන්ත‍්‍රණයක්.. මැතිවරණයට එජාපයෙන් සහායක් නෑ..

wedivistara

සජිත් කිසිම නාලිකාවක සජීව සංවාදයකට නෑ…

wedivistara

අනුර ජනතාවගෙන් සමාව ගත යුතු බව ජනපති යාපනයේදී කියයි

wedivistara

මැතිවරණ පැමිණිලි 2600 ඉක්මවයි

Trending
wedivistara

දෙමළ ඡන්ද මාගෙන් උදුරාගැනීමට සජබය දැරූ උත්සාහය අසාර්ථක වෙලා - ජනපති

wedivistara

සජිත්ගේ ඉංග‍්‍රිසි දැනුම ඉතා ඉහලයි.. ෂේක්ස්පියර් පවා සජිත්ගෙන් ටියුෂන් ගත්තා..

wedivistara

මැතිවරණ කොමිසමෙන් බාධා.. රනිල් මහජන රැලි තිහක් කපා හරී…

wedivistara

රට රැකියාවලට යන අයට පුහුණු ගාස්තු රජයෙන්

wedivistara

මාලිමා 40GW සුලං බලාගාරවලට ලංකාවෙන් අවම 10%ක් උපරිම 25%ක් යයි…

wedivistara

ජූලි අවසානයේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.7ට නගී


NEWS ALERT