Local

කඩවත-මීරිගම අධිවේගයේ ඉතිරිය හදන්න මිලියන 7,500ක කැබිනට් පත‍්‍රිකාවක්..

Saturday, 19 October 2024 - 10:04 am

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මිරිගම දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු ඒකාබද්ධ අරමුදලෙන් මුදල් අනුමත වූ වහාම ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්දු මහතා පැවසීය.

අදාළ මුදල් අනුමත වූ වහාම එම මාර්ගයේ වැඩ ආරම්භ කරන ලෙස කොන්ත්‍රාත්කරුට දැනුම් දෙන බව අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

රුවන් චන්ද්‍ර මහතා සඳහන් කළේ, එම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා ඒකාබද්ධ අරමුදලින් රුපියල් මිලියන 7,500ක මුදලක් ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවැති ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී එම තීරණය ගත් බව ද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මිරිගම දක්වා කොටසේ වැඩ 36% ක් මේ වන විට අවසන් වී ඇත.

එම මාර්ග කොටසේ දුර කිලෝමීටර් 37 ක් වන අතර, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මිරිගම කොටස ඉදිවු පසුව කුරුණෑගල සිට මත්තලට සහ කටුනායකටත් අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කළ හැකිය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT