Local

වසා දැමුණු කටුනායක ඇඟලුම් කම්හලේ සේවකයින් හා කම්කරු නියෝජ්‍ය ඇමති අතර සාකච්ඡාවක්

Saturday, 24 May 2025 - 2:56 pm

වසා දැමුණු කටුනායක NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්, වෘත්තිය සමිති නියෝජිතයින් හා කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ඊයේ (23) කම්කරු අමාත්‍යංශයේදී පැවැත්වුණා.

එහිදී මීට පෙර පැවැත්වූ සාකච්ඡාවලදී NEXT පාලනාධිකාරය විසින් ඉදිරිපත් කළ අදහස් සහ යෝජනා පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ විසින් අදාළ කම්හලේ වෘත්තීය සමිති හමුවේ දැනුවත් කර තිබෙන බවයි සඳහන් වන්නේ.

හදිසියේ කම්හල වසා දැමීමට ගත් තීරණය සමග තමන්ට එකඟ විය නොහැකි බවත්, එම තීරණය පාලනාධිකාරය සහ සේවකයන් අතර මීට පෙර ඇති කරගෙන තිබූ ගිවිසුමට අනුව නිත්‍යානුකූල නොවන බවත් වෘත්තීය සමිති නියෝජිතයන් නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවේ අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම කෙසේ හෝ යළි තමන්ට රැකියා ලබා දීමට පියවර ගන්නා ලෙසට ඔවුන් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්ද කර ඇති බවයි සඳහන් වන්නේ.

වසා දැමුණු කම්හල යළි විවෘත කරන ලෙස තමා පාලනාධිකාරයෙන් ඉල්ලීමක් කළ බවට එහිදී නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT