මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්මය විෂය ඉගැන්වීමේ නිරත රජයේ පාසලක ගුරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි අම්පාර ප්‍රදේශයේ රජයේ පාසලක උසස් පෙළ කෘෂිකර්ම ගුරුවරයෙකි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා ඊයේ (14) අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පියවර ගෙන ඇත.