Local

රනිල්ගේ පෞද්ගලික රට සවාරිවලට බිලියනයක් වැය කරලා

Wednesday, 25 June 2025 - 8:27 am

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇතැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (24) දැනුම් දුන්නේය.

රාජ්‍ය මුදල් අයුතු අවභාවිතය සම්බන්ධයෙන් මේ විමර්ශන ආරම්භ කර ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කළ බවත් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙණෙවිය හමුවේ මේ බව දන්වා සිටියේය. ඊට අදාළ වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දන්වා සිටියේය.

එම සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනයට අවශ්‍ය නියෝග අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි අතර ඊට අවසර ලැබිණි. හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිදු කරනු ලබන විමර්ශන ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ප්‍රකාරව සහ පොදු දේපොළ පනත ප්‍රකාරව සිදු කරනු ලබන අතර ඊට අදාළව චෝදනා ගොනු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ ධුර කාලය තුළ පෞද්ගලික සංචාර සඳහා රුපියල් බිලියනයකට අධික මුදලක් වැය කර ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුවේ මහත් කතාබහකට ලක් විය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT