Local

සෑම හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක් අරඹන්න

Monday, 26 May 2025 - 4:48 pm

රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් දිවයිනේ සෑම හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශ ඇරඹේ.

ශ්‍රී ලංකා යුද හමුදාව විශ්‍රාමික, ආබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත ලබාදෙන සුබසාධන කටයුතු වඩාත් පුළුල් හා විධිමත්ව සිදු කිරීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතාගේ උපදෙස් මත දිවයිනේ සෑම හමුදා කඳවුරකම රණවිරු සම්බන්ධීකරණ අංශයක් පිහිටුවීමට කටයුතු කර ඇත.

දිවයින පුරා පිහිටි සෑම යුද හමුදා කඳවුරකම එහි අණදෙන නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ මෙම රණවිරු සම්බන්ධීකරණ අංශ පිහිටුවා ඇති අතර, එය 2025 මැයි මස 26 වැනි දින සිට ක්‍රියාත්මකය.

ඒ අනුව යුද හමුදාවේ විශ්‍රාමික, ආබාධිත සහ මියගිය රණවිරුවන් සබැඳි වැටුප් විෂමතා, සෞඛ්‍ය ඇතුළු අනෙකුත් සුබසාධන ගැටලු අදාළ යුද හමුදා සාමාජිකයා පදිංචි ස්ථානයට ආසන්නතම යුද හමුදා කඳවුරේ රණවිරු සම්බන්ධීකරණ අංශයට යොමු කළ හැකිය.

අදාළ රණවිරු සම්බන්ධීකරණ අංශය එම ගැටලුව යුද හමුදා මූලස්ථානය සහ අනෙකුත් ආයතන වෙත යොමු කර වඩාත් කඩිනමින් එම ගැටලු විසඳීමට කටයුතු කරනු ඇත.

විශ්‍රාමික, ආබාධිත රණවිරුවන් හා මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් හට තම ගැටලු හමුදා මූලස්ථානය සහ ඔවුන් අයත් රෙජිමේන්තුව වෙත පැමිණ ඉදිරිපත් කිරීමේදී ඇති වන ප්‍රායෝගික අපහසුතාවන් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT